Colombo Today Local News

වව්චරේ අවුල්… දෙමව්පියෝ අකිල ඇමතිතුමාගේ මෑණියෝ සිහි කරනව – බුද්ධික පතිරණ

buddhika akilaපාසල් සිසුන්ට ලබා දෙන නිල ඇදුම්වල ප්‍රමිතිය පිළිබදව එදා ගැටළුවක් තිබුණත් එය වෙනස් කරන්න ගිහින් යළිත් ගැටළු මතුවී ඇති බවත් එනිසා දෙමව්පියන් අධ්‍යාපන ඇමතිතුමාගේ මෑණියන් සිහිපත් කරන තැනට වව්චර් ගැටළුව උද්ගතව තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ 08 දා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාසල් නිල ඇදුම් වෙනුවට වව්චර් පත් ලබා දීමට අධ්‍යාපන ඇමතිවරයා ගත් තීරණය නිසා ඇතිවී තිබෙන අවුල් සහගත තත්වය පිළිබදව එහිදී මාතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සහ විදේශ නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.

වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කර තිබිණි. ඇමැතිවරයා ඊට පිළිතුරු දුන් පසු පතිරණ මහතා අතුරු ප්‍රශ්නයක්‌ ඇසීය.

බුද්ධික පතිරණ මහතා – නිල ඇඳුම්වල ප්‍රමිතිය පිළිබඳ එදා ගැටලු තිබුණා. එය වෙනස්‌ කරන්න ගිහින් යළිත් ගැටලු මතුවෙන්න ඉඩ දිය යුතු නෑ. මොකද මේ වෙද්දී අධ්‍යාපන ඇමැතිතුමාගේ මෑණියන් සිහිපත් කරන තැනට ඒ ප්‍රශ්නය ඇතිව තිබෙනවා.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා – මේක ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය. ඒක විවේචනය කරන්න එපා. ඔබතුමා ආණ්‌ඩුවේ මන්ත්‍රීවරයෙක්‌ නේද?…

බුද්ධික පතිරණ මහතා – කවුද ඔය කෑගහන්නෙ. අධ්‍යාපන ඇමැතිවරු දෙන්නෙක්‌ ඉන්නවද… මම මේ ප්‍රශ්නය ඇසුවේ අධ්‍යාපන ඇමැතිවරයාගෙන්.

කථානායක කරු ජයසූරිය මහතා – මන්ත්‍රීතුමාට ප්‍රශ්නය අහන්න දෙන්න.

ඒ අනුව යළිත් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා සිය අතුරු ප්‍රශ්නය ඉදිරිපත් කළ අතර අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ඊට පිළිතුරු දෙන ලදී. ආණ්‌ඩු පක්‍ෂයේ පසුපෙළ අසුනක සිටි බුද්ධික පතිරණ මහතා ඉන්පසු ඉදිරි පෙළ අසුනක සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිවරයා අසලට ගොස්‌ යමක්‌ ප්‍රකාශ කළේය. එහෙත් නියෝජ්‍ය ඇමැතිවරයා ඊට පිළිතුරක්‌ සපයනු දක්‌නට නොලැබිණි.

Related posts

‘සිංහල ජානවල ආගම් විරෝධය නෑ.. ඥාණසාර හිමි කියන්නේ ඇත්ත‘ – අස්ගිරි මහ ලේඛකාධිකාරී නාහිමි

colombotoday

සහරාන් එක්ක හිටිය ෆොටෝ එලියට දැම්මට සිංහලයෝ මාව අවිශ්වාස කරන්නේ නෑ – රවුෆ් හකීම්

colombotoday

ජනපතිගෙන් සමාව ගනු ! අගමැති මරික්කාර්ගේ කණ පැලෙන්නම දෙයි

colombotoday

ගුණානුස්මරණ පිංකමේදී මල් වට්ටියක් 84000 කට වෙන්දේසි වෙයි

Admin

චම්පිකගේ උපදෙස් මත ලක්දනව් සමාගම හැදූ චුන්නාකම් විදුලි බලාගාරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

colombotoday

උතුරේ තවත් අක්කර 613 ක් ජනපති අතින් සිවිල් වැසියන්ට.

colombotoday