Colombo Today Local News

සහජීවන වන්දිභට්ටයිනි.. ගුටිකෑ සිසුන්ට නොව, ගුටි කෙළී සසිදරන්ලාට ඔය කිය සහජීවනය උගැන්වූවානම් මැනවි

sahajeewana mafiaයාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්ක කරගෙන සිදුවූ ප්‍රහාරය සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ තවත් එක් ගැටුමක් පමණක් බවත්, යාපනය විශ්වවිද්‍යලාය තුළ ජාතිවාදි ප්‍රවණතාවක් නැති බවත්, සංහිදියාවට මෙම සිදුවීම් බාධාවක් නොවන බවත් රජයේ සහ රජයට සහය දක්වන පාර්ශව වල අදහසයි.

නමුත් රජය සහ එහි පාර්ශව උදේ හවා වර නගන සංහිදියාවේ සෑබෑ තත්වය පිළිබදව හෙළිදරව්වක් ආචාර්ය චන්න ජයසුමන මහතා සිය facebook සටහනකින් ලබා දී තිබුණි. මේ එම උපුටා ගැනීමයි.

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්ක කරගෙන සිදු වූ ප්‍රහාරය ගැන සැබෑ තතු රටට හෙළි කිරීමට අපි මුලික වූයෙමු. ඇතැමුන්ට ඉන් රිදී ඇත. සිංහල සිසුන්ට යාපනයේ දී ප්‍රශ්නයක් නැතැයි නිර්මාල් රන්ජිත් පවසා තිබුණි. තවත් කිහිප දෙනකු ද මෙය හුදකලා අහඹු සිදුවීමක් ලෙස හුවා දක්වා තිබුණි.

මෙය කිසිසේත් හුදකලා සිදුවීමක් නොවේ. සිංහල සිසුන්ට සිංහල වීම නිසාම දැඩි අසාධාරණයක් යාපනයේදී සිදු වන බවට අප සතුව බොහෝ සාක්ෂි ඇත.මේ ගැන කතා කිරීමම සහජීවනයට බාධාවක් බව මා ඇමතු ඇතැම්හු පැවැසුහ.

සහජීවනය ගැන කතා කරන අය මේ ජායාරුපය දෙස බලන්න. මෙහි ඇත්තේ යාපන විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සසිධරන් තන්කෙශ්වරන්ගේ face book ගිණුම් කවරයයි. පෙර කී ගැටුමට මේ පුද්ගලයා විවිධ ආකාරයෙන් සම්බන්ධ බව ගුටි කෑ සිසුහු පවසති. ඔහුගේ අභිලාශය, මෙහෙයවෙන මතවාදය ආදී බොහෝ දේ මේ තුලින් විද්‍යමාන වේ.

ඔහුගේ face book ගිණුම් සටහන් සහ ජායාරූප බලන විට යාපන විශ්ව විද්‍යාලයේ සහජීවනය දෝරෙ ගලා සුළි කැරකී ඇඹරී යන බව තවත් පැහැදිලි ය. සහජීවන වන්දි භට්ටයෝ ගුටි කෑ සිසුන්ට නොව ගුටි කෙලි සසිදරන්ට ඔය කියන සහජීවනය ඉගැන්නුවානම් මැනවි.

13710530_1664742680517136_7312872581043877607_o13735650_1664999647158106_2701354445937054314_o

Related posts

වසන්ත මුදලිගේ,ජෝසෆ් ස්ටාලින් ඇතුළු 6කට විදෙස් ගමන් තහනම්

colombotoday

සහනාධාරය නැවතත් ක්‍රියාත්මකයි… අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර මිටිය රුපියල් 500ට

colombotoday

ජපානයේ භුමිකම්පවලින් ශ්‍රී ලාංකිකයින් 200 කට අසන්න පිරිසකට බලපෑම්

colombotoday

ප්‍රවීණ ගායක පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීමක්.. ඡන්ද ගණන් කිරීමට බාධා නැති කරන්න වැඩ

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩු පක්ෂ 10ක් අතර සාකච්ඡාවක්.. – කිසිදු පොහොට්ටු සාමාජිකයෙක් සහභාගී වෙලා නෑ.

colombotoday