Colombo Today Local News

මහර බන්ධනාගාර කැරැල්ල පිටුපස සංවිධානාත්මක අරමුණු. පොලිසිය කියයි.

ඊයේ (29)දින මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවට හේතුව රිාන්ඩ් සිරකරුවන් පිරිසක් හා බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ යම් කතාබහක් බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

බන්ධනාගාරය තුළ කොරෝනා වෛරස ව්‍යාප්ත වීම නිසා තමන් නිදහස් කර පිටතට යවන ලෙස ඔවුන් ඉල්ලීම් කර ඇති අතර පසුව හටගත් නොසන්සුන්තාව කැරැල්ලක් දකවා වර්ධනය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

කෙසේ වෙතත් ඔවුන් තුළ ඉන් එහා ගිය සංවිධානාත්මක අරමුණු තිබී ඇති බව පෙනී ගොස් ඇතැයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

පසුව සිරකරුවන් මැදිරිවල ආරක්ෂක වැට විනාශ කරමින් ඉදිරියට පැමිණ පලා යාමට උත්සාහ කිරීමේදී බන්ධානාගාර නිලධාරීන් තම බලය භාවිත කර පිරිස පාලනය කිරීමට ක්‍රියා කර තිබේ.

රැඳවියන් විසින් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිට ඇති අතර මෙහෙයුම් කණ්ඩායම් ඔවුන් දදෙනා බේරා ගෙන ඇත්තේ අසීරු මෙහෙයුමකින් අනතුරුවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ , ඊයේ සිට අද (30)දින උදෑසන 6 පමණ වන විටත් බන්ධනාගාරය තුළ ගිනි තැබීම්, දේපොළ අලාභහානි කිරීම් වැනි විවිධ සිදුවීමී වාර්තා වී ඇති බවයි.

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් රැඳවියන් 8 දෙනෙකු මියගොස් තවත් 71 දෙනෙකු තුවාල ලබා තිබේ.

රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ශෙල්ටන් පෙරේරා මහතා පැවසුවේ, ඉන් 69 දෙනෙකු රැඳවියන් බවයි.

මේ අතර මහර බන්ධනාගාරයේ සියලු රැඳවියන් පළා යාමේ සැලසුමක් පැවති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවා ය.

මෙය අහඹු සිදුවීමක් ලෙස නොදකින බවත් පසුගිය සති කිහිපය තුළ වරින්වර බන්ධනාගාර කිහිපයක රැඳවියන් පලා යාමේ උත්සහයන්හි නිරතවූූ බවත් ඇය සඳහන් කළා ය.

ඇය වැඩිදුරටත් පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවයි.

Related posts

එජාප මන්ත්‍රීවරුන්ට ගහලා එලෙව්වේ නැත්තේ ඇයි කියලා සජිත් ප්‍රේමදාස ඇහුවා

colombotoday

ඇල්ලේ ගුණවංශ හිමිගෙන් ඒකාබද්ධ විපක්ෂයට රතු එළියක් !

colombotoday

මැතිවරණය ජය ගත් පසු ජනතාවට ආර්ථික පැකේජයක් ලබාදෙනවා- සජිත්

colombotoday

සීනි බදු වංචාවෙන් රජයට අහිමි ආදායම අදාළ පාර්ශවවලින් ලබා ගන්න – මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි

colombotoday

“පෞද්ගලික විශ්වවිද්‍යාල තවත් ඇතිකළ යුතුයි” – උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති

colombotoday

21 වැනි ව්‍යවස්ථා සභාවට මන්ත්‍රීන් නොවන සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත් කැඳවයි

Admin