Colombo Today Local NewsHot NewsUncategorized

හයිබ්‍රිඩ් අධිකරණය ගැන අධ්‍යයනයට ආණ්ඩුවේ පිරිසක් ස්කොට්ලන්තයට, අනුග්‍රහය ප්‍රකට NGOවකින්

hybrid courtශ්‍රී ලංකාවේ සිදු වූවායැයි කියන යුධ අපරාධ පිළිබදව විමර්ශනය කර අදාල වැරදිකරුවන්ට දඩුවම් දීම සදහා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් පිහිටුවීමට නිර්දේශ කර ඇති මිශ්‍ර යුධ අපරාධ අධිකරණය පිළිබදව අධ්‍යයනය කිරීම සදහා ආණ්ඩුවේ පිරිසක් ස්කෝට්ලන්තයේ එඩින්බරෝ වෙත යෑමට නියමිත බවට වාර්තා වේ.

මේ සදහා අවශ්‍ය කටයුතු සංවිධානය කරනු ලබන්නේ විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රය නම් වන ප්‍රකට රාජ්‍ය නොවන සංවිධානයයි. දස දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටීන් ප්‍රනාන්දු, ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්, මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවූෆ් හකීම් යන අය ඇතුළත්ය.

නමුත් මෙම කණ්ඩායමට ඇතුළත් වන අනිත් පිරිස පිළිබද තොරතුරු ලබා දීම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා වන පාක්‍යසෝති සරවණමුත්තු විසින් ප්‍රතික්ෂේප කළ බව එම තොරතුරු වාර්තා කරන එල්.ටී.ටී.ඊ හිතවාදී වෙබ් අඩවිය සදහන් කර සිටී.

මෙම කණ්ඩායම ලබන මාසයේදී ස්කෝට්ලන්තය බලා පිටත්වීමට නියමිත අතර පිහිටුවීමට නියමි මිශ්‍ර යුධ අධිකරණ ක්‍රියාවලිය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබදව වැඩිදුරටත් අධ්‍යනය කිරීමට නියමිතව ඇත.

Related posts

ස්ථාන හයක පිපිරීම්… මරණ 50 ඉක්මවයි…

colombotoday

කුඩු කිලෝ එකක් සමග මාලේ කුඩ්ඩෝ දෙදෙනෙක් දැලේ

colombotoday

රහස් ඡන්දයෙන් පොහොට්ටුව දිනයි.. ගාල්ල නගරසභාවත් පොහොට්ටුවට

colombotoday

සැමියාගේ යකඩ පොලු පහරවල් බිරියකට මරු කැදවයි

colombotoday

පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් හෙට ඇරඹෙයි

colombotoday

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වෙයි.

colombotoday