Colombo Today Local News

භිෂණයේ අදුරු සෙවණැළි නැවතත් මතුවෙලා.. මෙහෙම ගියොත් නැවත ප්‍රභාකරන්ලා බිහිවෙයි !

Champika Ranawaks 12

උතුරේ විශ්ව විද්‍යාල ආශ්‍රෙයන් ගොඩනැගෙන ජාතිවාදී ෆැසිස්ට්වාදය වහා වැළැක්විය යුතු බවත්, එසේ නොවුණහොත් නැවත වරක් එල්.ටී.ටී.ඊ.ය ප්‍රභාකරන්ලා බිහිවිය හැකි බවත්, එසේ වීමට ඉඩ නොතැබිය යුතු බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ හලාවත පැවැති පක්ෂ සාමාජික රැස්වීමකට ඊයේ (17) සහභාගී වෙමිනි.

එදා අමිර්තලිංගම්ට, යෝගේශ්වරන්ට වෙඩි තියලා භීෂණය තීව්‍ර කරන්න දේශපාලකයෝ කටයුතු කළා. අදත් එවැනි සෙවණැලි ඇති වෙලා තියෙනවා. අවස්ථාවාදී දේශපාලනඥයන් මේවාට වග කියන්න ඕන. විශ්ව විද්‍යාල සිසුන් ඉගෙන ගන්නේ රටේ ජනතාවගේ බදු මුදල්වලින්. ඔවුන් ඊට කළගුණ දැක්වීමක් අඩු තරමින් හෝ කළ යුතුයි. මේ රටේ විශ්ව විද්‍යාල 17ක් තියෙනවා. උසස් අධ්‍යාපන ආයතන 33ක් තියෙනවා. මේවායේ සිසුන් ලක්ෂයකට එහා ඉගෙන ගන්නවා. ඒකෙනුත් දෙමළ ළමයි ඉන්නේ 12,000ක් විතර. උතුරේ ළමයින්ට ලංකාවේ ඕනෑම තැනක තමන්ගේ ජාතියට ආගමට සංස්කෘතියට ඉහළ ආරක්ෂාවක්, ගෞරවයක් අනෙක් ජාතීන් ලබා දෙනවා. ඒ වගේම සිංහල මුස්ලිම් ළමයින්ටත් යාපනේ ජීවත් වෙන්න ඉගෙන ගන්න හැකියාවක් අයිතියක් තියෙන්න ඕන.

යාපනය විශ්ව විද්‍යාලයේ නවක දරු දැරියන් ‍‍‍ජ්‍යෙෂ්ඨයන් විසින් පිළිගැනීමට උත්සවයක් සංවිධානය කිරීම අපි අගය කළ යුතුයි. හැබැයි සිංහල අපේ සංස්කෘතියේ වෙස් නර්තන කණ්ඩායමකට නටන්න නිදහසක් නැත්නම් ඒ අයට පහර දුන්නා නම් මෙතැනදී රටේ ‍පොදු නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. යාපනයේ දෙමළ සිසුන්ට කියලා වෙනම නීතියක් නෑ. මේ තත්ත්වයට වහාම තීන්දු ගත යුතුයි. නීතිය ක්‍රියාත්මක විය යුතුයි. නන්දිකඩාල්වලින් අවසන් කරපු එල්.ටී.ටී.ඊ.ය ප්‍රභාකරන්ලා ආයිත් මේ රටේ බිහිවෙන්න ඉඩ නොතැබිය යුතුයි යැයි අමාත්‍යවරයා පැවසීය.

Related posts

ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සාකච්ඡා

colombotoday

කෙසෙල් ඇවරිය ජනාධිපතිවරණයට. අපේක්ෂකයා සජිත්?

colombotoday

මහැදුරු සෝමදේවයන්ගේ කැණීම් සටහන් පරික්ෂා කිරීමට තරම් සමතෙක් පුරාවිද්‍යාවේ නැතිලු..

colombotoday

“අලුත් සංවිධායකවරු පත්කිරීම අතීසාරයට අඹුඩ ගැසීමක්.. ශ්‍රීලනිපයට දෙයියන්ගෙම පිහිටයි” – දිලුම් අමුණුගම

colombotoday

ජනපති මන්දිරයෙන් හමුවූ ලක්‍ෂ 178ටක මුදල අරගලකරුවන් පොලීසියට භාර දෙයි

colombotoday

ඔක්ස්ෆර්ඞ් එන්නතේ ආයු කාලය මාස 6යි – ඉක්මනින් එන්නත් කරන්න : නිෂ්පාදක සමාගම කියයි

colombotoday