Colombo Today Local News

හිටපු ජනපතිගෙන් බ්‍රිතාන්‍ය නව අගමැතිණියට සුබ පැතුම්.. දේශපාලන පාඩමකුත් ලියා යවයි!

mahinda r
බ්‍රිතාන්‍යයේ නව අගමැතිනිය ලෙස පත්වූ තෙරොසා මේ මහත්මියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලිපියක් යොමුකරමින් සුබ පැතුම් එක්කොට තිබේ. පහත දැක්වෙන්නේ එම ලිපියයි.

ගරු තෙරේසා මේ මැතිනිය,
මහා බ්‍රිතාන්‍යයේ අගමැති,
නො. 10, ඩවුනින් වීදිය,
ලන්ඩන්

මැතිනියනි,

මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය හැටියට පත්වීම ගැන මම ඔබට සුභ පතමි. යුරෝපා සංගමයෙන් ඉවත්වී මහා බ්‍රිතාන්‍ය නව මාවතකට ප්‍රවිෂ්ඨ කිරීමේ භාරදූර කාර්ය ඔබට පැවරී ඇත. මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන ඇතැම් අය කනස්සල්ල පල කර තිබුණද, දැනටමත් ලංකාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් බොහෝ ගණනක් මහා බ්‍රිතාන්‍ය සමඟ නව වෙළඳ ගිවිසුම් වලට එළඹීමට කැමැත්ත පළකොට ඇත. මේ නව තත්ත්වයෙන් යුරෝපා සංගමයට පිටින් සිටින රට වලට නව අවස්ථා බිහිවෙන බව අවිවාදාත්මකය.

පොදු රාජ්‍ය මණ්ඩලය තුළ තිබෙන සුවිශේෂ තැන නිසා පොදු රාජ්‍ය රටවල් වල සෛවරීභාවය, ස්ථාවරබව, භෞමික අඛණ්ඩතාවය හා ආර්ථික සංවර්ධනය සුරක්‍ෂිත කිරිම සඳහා නායකත්වය ගැනීම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාර්යක් මහා බ්‍රිතාන්‍යට පැවරේ. යුරෝපා සංගමයේ මෑත කාලීන අත්දැකීම් වලින් පැහැදිලි වෙන යථාර්ථය වන්නේ එක් රටක් තුළ ඇති වෙන දේශපාලන අස්ථාවරභාවය මුලු කළාපයක් තුළම පැතිරී ගොස් ඈතින් පිහිටි රටවල් වලට පවා බරපතල ආනිශංස ගෙන දෙන බවයි. මේ නිසා ජාතික රාජ්‍යන් තුළ අභ්‍යන්තර ස්ථාවරභාවය සුරක්‍ෂිත කිරීම අද ලෝකයේ ප්‍රධානම දේශපාලන අවශ්‍යතාවය බව මම විශ්වාස කරමි.

ඔබතුමිය මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය හැටියට දරණ ධූරකාලය සියළු ආකාරයෙන් සාර්ථක වේවා යැයි මම පතමි.

මහින්ද රාජපක්‍ෂ (පා.ම)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
හිටපු ජනාධිපති

Related posts

උපයෝගීතා කොමිසම විදුලි බිල අඩුකරන්න අවසර දුන්නත් මණ්ඩලය බෑ කියයි

Admin

ලාංකික ශ්‍රමිකයින්ට ජෝර්දානය්දී කදුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

සයිටම් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි !

colombotoday

උද්ඝෝෂකයෝ ලෝටස් පාර වසති – දැඩි වාහන තදබදයක්

Admin

කොරෝනා පාලනයෙන් ගිලිහිලා, ලොවපුරා මිලියන ගණනක් මිය යා හැකියි – UN අනතුරුඅගවයි

colombotoday

පොලිස් ඇමති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

Admin