Colombo Today Local News

ඩිසල් ලීටර් දහසක් සමග ගම්මුලාදෑනීගෙ මල්ලි පොලීසියට මාට්ටු

මීගොඩ දහම් මාවත ප්‍රදේශයේ ග්‍රාම නිළධාරියකුට අයත් බව කියන නිවසක වැඩි මිලට විකිණිම සදහා සඟවා ගෙන සිටි ඩිසල් ලීටර් දහසක් සමගින් ග්‍රාම නිලධාරියාගේ සහෝදරයෙකු අද (09) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාට ලද තොරතුරක් මත පොලිස් නිළධාරි‍ෙකු උපාය දුතකු ලෙස යොදවා ඩිසල් තොගයක් වැඩි මිලට මිලදී ගැනීමට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවේදී ඩිසල් තොගය සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් ඩිසල් තොගයෙහි වෙළඳපල වටිනාකම රුපියල් හාර ලක්ෂ හතිලිස් දහසක් වේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ඩිසල් තොගය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.

Related posts

විමල් ගැන මෙතෙක් නොකී රහසක් බොදු බල සේනාවේ දිලන්ත හෙළිකරයි

colombotoday

හදපාන්ගොඩ අභාවප්‍රාප්ත වේ

Admin

කිරි උගුරේ සිරවූ දින 40ක සිඟිත්තිය මෙලොව හැර යයි

Admin

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් ආරක්ෂාව දී නැහැ

Admin

අවුරුදු මාරයි – කාල හමාරයි.. රුපියල නන්නත්තාරයි.. ඩොලරය 150ට තව රුපියලක් අඩුයි.

colombotoday

යුද හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවක් ස්ථාපනය කරයි

colombotoday