Colombo Today Local News

පාද යාත්‍රාවේ ළමා අපයෝජනයක් ? – ළමාරක්ෂක අධිකාරිය පරීක්ෂණ අරඹයි

child protection 233කුඩා දරුවෙකු දේශපාලන කටයුතු සදහා යොදා ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක එදිරිවීර ගුණසේකර මහතා කියා සිටියෛ් අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත් මෙහිදී ළමා අපයෝජනයක් සිදුව ඇත්ද නැද්ද යන්න පිළිබදව කිව හැක්කේ විමර්ශනය කිරීමෙන් පසුව බවත්, මෙවන් වැඩ සටහන් සදහා දරුවන් යොදා ගැනීමෙන් දරුවාගේ මනසට බලපෑමක්, පීඩනයක් සිදුවිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන සටන පාද යාත්‍රාව ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානය අසලට පැමිණි අවස්ථාවේ කුඩා දරුවෙකු ලවා නුසුදුසු සටන් පාඨ කියවීම සම්බන්ධයෙනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත්ව ඇත්තේ.

එහිදි යම් පිරිසක් කුඩා දරුවාට එම සටන් පාඨ කියවන ලෙසට කුළුගන්වනු දක්නට ලැබෙන අතර හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පැමිණ දරුවා සිප ගන්නා අයුරුද වීඩියෝ දර්ශනවල දක්නට ලැබේ. මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම දරුවා කර තබාගෙන සටන් පාඨ කියවන අයුරුද සජීවී වීඩියෝ දර්ශනවල දක්නට ලැබිණි.

Related posts

ඊජිප්තු මුස්ලිම් පල්ලියේ ත්‍රස්ත ප්‍රහාරය ගැන ශ්‍රී ලංකා රජය සොව පළ කරයි !

colombotoday

මැතිවරණ කොමිෂන් සභාව අදත් රැස්වෙයි

Admin

පොසොන් පෝයට දන්සැල් පවත්වන්න අවසර නෑ

colombotoday

තව්හිද් සාමාජිකයන් ගැන පොලිසියට තොරතුරු දුන්නැයි නාවික සෙබළකු ඇතුළු තිදෙනකුට පහර දීලා

colombotoday

සමහර අපේක්‍ෂකයන් පාතාලයෙන් සල්ලි අරන්

colombotoday

උතුරේ ගොඩ-මඩ ඉඩම් වගා කරන ගොවීන්ට ගිනි අවි

colombotoday