Colombo Today Local News

මොරගහකන්දේ ජලය උතුරටත්.. ව්‍යාපෘතියේ කොටසක අයිතිය විග්නේෂ්වරන් ඉල්ලයි !

vigneshvaran - mgk

මොරගහකන්ද ජලාශයේ ජලය උතුරු පළාතට ලබා දෙන විට එම ව්‍යාපෘතියේ කොටසක අයිතිය උතුරු පළාත් සභාවටද ලබාදිය යුතු බවට ප්‍රධාන අමාථය සී.වී. විග්නේශ්වරන් ඉල්ලීමක් කර තිබෙනවා.

මොරගහකන්ද ජලාශයෙන් උතුරු පළාතට ලැබෙන ප්‍රතිලාභ පිළිබදව එම පළාතේ දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම සදහා ජපානයේ ජයිකා ආයතනයේ නිලධාරීන් සමග යාපනයේදී පැවති සාකච්ඡාවකදීය ප්‍රධාන ඇමතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ.

මෙම අවස්ථාවට උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු සහ පළාත්සභා මන්ත්‍රීවරුද සහභාගී වී ඇති අතර, උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්තී‍්‍ර එම් කේ සිවාජිලිංගම් පවසන්නේ මධ්‍යම රජය සහ උතුරු පළාත් සභාව මේ සම්බන්ධයෙන් ගිවිසුමකට අත්සන් කලයුතු යැයි අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කර ඇති බවයි.

මධ්‍යම රජයට පමණක් මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට හැරවීමේ තනි අයිතිය ලැබුණහොත් දකුණේ ජනතාව උතුරේ පදිංචිකරමින් නව ජනපද ඇති කිරීමට රජය කටයුතු කළ හැකි බැවින් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළ බවද ඔහු ප‍්‍රකාශ කර ඇත.

Related posts

දුරකතන ආරවුලකට තරුණයකුගේ පපුවට පිහියෙන් ඇන ඝාතනය කරයි

Admin

අය වැය පරදා මහ ඡන්දයකට යනවා – මහින්ද

colombotoday

ආප්ප කාල පැනල ගිහින් රට කෑවා… මහ මැතිවරණයට සිරිසේන එපා…

colombotoday

මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි ලබන සතියේ සිට

colombotoday

සංවිධානයට බදවගන්නා ලෙස ලංකාව කල ඉල්ලීම බ්‍රික්ස් සංවිධානය ප්‍රතික්ෂේප කරයි

Admin

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් අතුරුදන්

Admin