Colombo Today Local News

ලංකාවේ සිට ක්‍රියාත්මක ISIS ත්‍රස්තයෙක් ගැන ඉන්දීය බුද්ධි අංශ හෙළිකරයි !

Isisකුහුල්ලා වනායි නමැති අයිසීස්‌ ත්‍රස්‌ත ක්‍රියාකාරිකයකු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බව ඉන්දීය ආරක්‍ෂක බලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.

මොහු ගැන තොරතුරු හෙළිවී ඇත්තේ ඉන්දියාවේ ත්‍රිපුර් ප්‍රදේශයේ වෙළෙඳසලක්‌ පවත්වාගෙන ගිය ටෝෂි හෙවත් මඡ්නු නමැති අයිසීස්‌ අනුගාමිකයකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව බවද වාර්තා වේ.

බංග්ලාදේශයේ ජමාත් මුජෙහිදීන් සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ මඡ්නු ශ්‍රී ලංකාවේ අයිසීස්‌ ක්‍රියාකාරීන් සමග සබඳකම් පවත්වන බවද තවදුරටත් අනාවරණය වී ඇත.

එම විමර්ශනයේදී හෙළිවී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටින එම අයිසීස්‌ ත්‍රස්‌ත අනුගාමිකයන් අතර කුහුල්ලා බහායි නමැත්තකුද සිටින බවයි.

තමිල්නාඩු ආරක්‍ෂක බලධාරීන් තවදුරටත් දක්‌වා ඇත්තේ මඡ්නු නමැත්තාගේ ශ්‍රී ලංකා මුස්‌ලිම් සබඳතාව ගැන විමර්ශනය කරන බවයි.

– කීර්ති වර්ණකුලසූරිය


ශ්‍රී ලංකාව හා ISIS සබදතා පිළිබදව ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශ මීට පෙර අවස්ථා කිහිපයකදීම හෙළිදරව් කර සිටි නමුත් ශ්‍රී ලංකා පොලීසිය එම වාර්තා ප්‍රතික්ශේප කරමින් ප්‍රකාශ කර තිබුනේ මරට ISIS ක්‍රියාකාරකම් සිදුවන බවට තමන්ට වාර්තා වී නොමැති බවයි. පොලිසිය භාර ඇමති සාගල රත්නායකද ඒ බව පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර තිබිණි.

තජුඩීන් තස්කීර් අහමඩ් (අබු දුජානා සෙයිලානි) සිරියාවේදි අයි එස් ත්‍රස්තයන් සමග

ගලේවෙල ප්‍රදේශයේ ෂෆ්රාස් නීලම් මුෂීන් (අබු සුරෙයියාහ් සෙයිලානි) නමැත්තෙකු සිරියාවේදී අයි එස් ත්‍රස්තයන්ට එකතුවී ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මියගිය බවට මිට පෙර වාර්තා විය. ඔහුගේ මස්සිනා බව කියවෙන තජුඩීන් තස්කීර් අහමඩ් (අබු දුජානා සෙයිලානි) නමැත්තා මේ මොහොත වන විටත් සිරියාවේ අයි එස් ත්‍රස්තයන් සමග ක්‍රියාත්මව සිටින අතර පසුගිය ජූලි 8 වනදා සමාජ ජාලා වෙත ඒ බව දැක්වෙන ඡායාරූපයක්ද ඔහු විසින් නිකුත් කර තිබිණි. පළමු ශ්‍රී ලාංකික අයි එස් ත්‍රස්තයා ලෙස සැළකෙන ෂෆ්රාස් නීලම් මුෂීන් සමස්ථ ලංකා ජමියාතුල් උලෙමා සංවිධානය සමග සමිප සබදතා පවත්වා ඇති බවට හෙළිදරව්වී ඇතත් මේ දක්වා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට මෙරට ආරක්ෂක අංශ ක්‍රියා කර නැත.

මේ අතර ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන පිළිබදව විමර්ෂණය කිරීම සදහා යුද හමුදා බුද්ධි අංශයේ මුස්ලිම් නිලධාරීන් යොදවා තිබීම පිළිබදව ඉන්දිය සහ ඇමරිකානු තානාපති නිලධාරීන් අතර සිදුවූ සාකච්ඡාවකදී කතාබහට ලක්ව ඇති අතර ඒ පිළිබදව ඔවුන් පුදුමය පළකර ඇත. ආගම පිළිබදව පවතින අන්ධ භක්තිය හේතුවෙන් එම බුද්ධි අංශ නිලධාරීන් ඉස්ලාම් ත්‍රස්ත ජාල සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වසන් කරන බවටත්, ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ මෙරට අයි එස් ක්‍රියාකාරකම් පිළිබදව නිසි පරිදි දැනුවත් නොවීමටත් එය හේතුවක් වී ඇති බවට එහිදි කතා බහට ලක්ව ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශයේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත දැඩි විවේචනයට ලක්ව ඇත.

Related posts

කෘෂිකර්මයේ කෝටි 132 ගිල්ල සබීතාගේ බිල්ඩිම යලි බාර දෙයි

colombotoday

ගුරුකන්ද නාහිමිගේ ආදාහනයට එරෙහිව විග්නේශ්වරන් ඇතුළු පිරිසක් විරෝධතාවයක

colombotoday

හවුලක් ඇතත් නැතත් ඉදිරි ඕනෑම මැතිවරණයක් අපි දිනනවා – බැසිල් රාජපක්‍ෂ

colombotoday

රතන හිමි ආණ්ඩුපක්ෂයේ කලකිරීමෙන් සිටින මන්ත්‍රීවරු එකතුකරයි. | තැන තැන රහස් සාකච්ඡා පවත්වති.

colombotoday

ඩොලරයේ අගය මත උත්සව සමයේ භාණ්ඩ මිල තීරණය වෙයි. – අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්

colombotoday

අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක හා සෙසු පුද්ගලයා අද අධිකරණයට

colombotoday