Colombo Today Local News

මෛත්‍රී හිටපු ගෙදර මහින්ද පදිංචියට යයි !

mahinda houseමහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් තමන්ට පදිංචි වීමට කොළඹ අවට නිවසක් ලබාදෙන මෙන් ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තේරීම වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචි වී සිටි නිවස බව වාර්තා වේ. නමුත් දැනට එය රාජිත සේනාරත්න අමාත්‍යවරයාට ලබාදී ඇති බැවිත් එය ප්‍රතික්ෂේප වී ඇත.

පසුව මේ පිළිබඳ සලකා බලන කල වත්මන් ජනාධිපතිවරයා තීරණය කලේ තමන් පංදිචි වී සිටි විජේරාම නිවස මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමටයි.

ඊට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා කැමති වුවත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති පදවිය ලබා මාස 6ක් එහි සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එහි පහසුකම් ඇති වුවත් තමන්ට එහි ඇති පහසුකම් මදි බවයි.

පසුව රුපියල් මිලියන 40 ක වියදමින් විජේරාම නිවස අලුත්වැඩියා කර ඇත. එම අලුත්වැඩියා කටයුතුවලින් පසු මහින්ද රාජපක්ෂ මහතා විසින් මේවන විට එහි පදිංචි වී සිටියි.

Related posts

ජාතික ලැයිස්තුව නොමැතිව කිරිඇල්ල අර්බුදයක

Admin

ජාතික ක්‍රීඩා අරමුදල් ගැන ෂම්මි කල ප්‍රකාශය අසත්‍යයි. – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය කියයි

Admin

ඓතිහාසික පාෂාණ පබ්බත විහාරය කොටි අවතාර යටතට?

colombotoday

තඹ කම්බි ගන්න දුම්රියේ වයර් කැපූ අයෙක් අත්අඩංගුවට

colombotoday

එම්.කේ.ඩී.එස් ගේ ඉඩම් ඇමති කම ජෝන්ට යයි!

colombotoday

බසයක් සහ ලොරියක් ගැටී 20ක් රෝහලේ…

Admin