Colombo Today Local News

පාසල් සිසුන් 20කට ඒඩ්ස්… අවුරුදු 9ට අඩු ළමුන් 71කටත් ආසාධනය වෙලා

මෙරට පාසල් සිසුන් විසි දෙනෙකුට එච්.අයි.වී වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇයවැය කාරක සභා විවාදයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ වන විට දිවයිනපුරා වයස අවුරුදු 09ට අඩු එච්.අයි.වී ආසාධිතයින් 71 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

දැනට පාසල් ළමුන් 20 දෙනෙකුට එච්.අයි.වී ආසාධනය වී ඇති බවත්, එය ආසාධනය වී ඇති ළමුන්ගෙන් විශේෂයෙන් වයස අවුරුදු 15ට ළමුන්ගෙන් බහුතරයකට එය ආසාධනය වී ඇත්තේ මවගෙන් බවත් ඇමතිවරයා සදහන් කළේය.

මෙය වැළැක්වීම සඳහා  උසස් පෙළ සියලු සිසුන්ගේ රුධිර පරික්ෂාවක් කිරීම වැදගත් බවත්, එමඟින් එච්.අයී.වී ආසාධනය පමණක් වෙනත් රෝග ද හඳුනාගැනීමට හැකි වන බවත්, අමාත්‍යවරයා කියා සිටියේය.

එසේම සරසවියට ඇතුළුවන සියලු  සිසුන් ද රුධිර පරික්ෂාවකට ලක්කිරීමෙන් එම ආසාධනයට ‍ඔවුන් ගොදුරු වී ඇතිදැයි අනාවරණය කර ගත හැකි බවද ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

Related posts

colombotoday

සුවහසක් බෞද්ධයාගේ වෙසක් පැතුමට ජනපති සවන් නොදෙයි. වෙසක් දිනයේදී ඥානසාර හිමිට නිදහසක් නෑ

colombotoday

එක වාහනයයි මාදිවෙල නිවාසයයි තිබුනොත් ඇති

Admin

“පිටරටින් හාල් ගෙනත් කෑමට සිදුවීම අපට අගෞරවයක්” – ජනපති

colombotoday

කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි නොකරන බවට අධිකරණයට පොරොන්දුවක්

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක්

Admin