Colombo Today Local News

තවත් ගුරුවරු පිරිසකට 5,000 දෙන්න අනුමැතිය

පරිවෙණාචාර්යවරු, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන් සඳහා ද රුපියල් 5,000 විශේෂ දීමනාව ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මෙතෙක් එම පාර්ශවයන්ට මෙම දීමනාව අදාළ වී නොතිබුණු බව කී ඇමතිවරයා එයට හේතුව යම් යම් දත්තයන් ලැබීමේ ප්‍රමාදයන් බව ද සඳහන් කරයි.

ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව නිකුත් කෙරුණු රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 (iv) හි විධිවිධාන ඉහත සඳහන් පාර්ශවයන් වෙතත් අදාළ කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා පවසයි.

ඔවුන්ට මෙය ලබාදීමේ මාසයක ප්‍රමාදයක් සිදුවුවත් ලබන මස සිට හිඟ වැටුප ද සහිතව ලබා දී යුක්තිය ඉටුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ද ඇමති ඩලස් අලහප්පෙරුම මහතා කියයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Related posts

දැන් කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබන විදුලිබල මණ්ඩලය අභයාරාමයටත් විදුලිය කපන්න ගිහින්

Admin

සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

colombotoday

මෙරටදී සෑම පැය 24කටම ළමා අපචාර සිද්ධීන් 32ක්

colombotoday

මහනුවර තත්ත්වය සාමාන්‍ය අතට.. සැකකරුවන් 110ක් අත්අඩංගුවේ

colombotoday

Photos : ශ්‍රීලංකා නිදහස් දිනය දා කොටි ත්‍රස්තවාදීන් නොර්වේ පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක

colombotoday

මතට ලොල් පුතා මව ඉදිරියේ තාත්තා මරා ගිනි තියලා

colombotoday