World

ඩොලර් බිලියන 1000ක් වටිනා ස්වභාවික ඛණිජ සම්පත් තලේබාන් සංවිධානය සතුවීමේ අවධානමක්

ඇෆ්ගනිස්තානයේ පාලනය සම්පූර්ණයෙන්ම තලේබාන් සංවිධානය සතුවුවහොත් එරට සතු ඇමරිකානු ඩොලර් බිලියන 1000 ක් පමණ වටිනාකමින් යුත් ස්වභාවික ඛණිජ සම්පත් ඔවුන් සතුවීමේ අවදානමක් ඇතැයි අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

මෙම සම්පත්හි අයිතිය සහ පාලනය සම්පූර්ණයෙන්ම තලේබාන් සංවිධානය සතුවීම හරහා අතිවිශාල මුදලක් මුදල් ත්‍රස්ත ක්‍රියාකාරකම් සදහා යෙදවීමට හැකියාව ලැබෙනු ඇති බවත් එමගින් ලෝකයේම ආරක්ෂාව අවදානමට ලක්වනු ඇති බවත් එම විශේෂඥයන්ගේ මතයයි.

මීට වසර දහයකට පමණ පෙර ඇමරිකාව විසින් ඇෆ්ගනිස්තානයේ සිදුකළ සමීක්ෂණයකදී එරට ස්වභාවික ඛණිජ සම්පත්වල අගය මෙසේ තක්සේරැ කර ඇති අතර,රන් රිදී ඇතුළු වටිනා සම්පත් රැසක් එරට සතු බව එහිදී අනාවරණය කරගෙන තිබේ.

දැනටත් තලේබාන් සංවිධානය බද්කස්තානය,හේරාට්,හෙල්මාන්ඩ්,සහ බග්ලාන් යන ප්‍රාන්ත ආශ්‍රිතව නීති විරෝධී ලෙස රන් සහ රිදී ආකර පවත්වාගෙන යන අතර එය ඔවුන්ගේ ප්‍රධාන අදායම් මාර්ගයක්ද වේ.

ඇෆ්ගනිස්තානයේ බලය තලේබාන් සංවිධානය සතුවීම හරහා මෙම සම්පත් සම්පූර්ණයෙන්ම ඔවුන් සතුවී ඒවා නීත්‍යානුකූලවම අන්තවාදී ක්‍රියාකාරකම් සදහා යොදා ගැනීමට අවකාශය ඇති බවට විශේෂඥයන් වැඩිදුරටත් බිය පළකර සිටි.

මේ වනවිට ඇෆ්ගනිස්තානයේ දිස්ත්‍රික්ක 223 ක පමණ බලය තලේබාන් සංවිධානය විසින් තහවුරැ කරගෙන ඇති අතර දිස්ත්‍රික්ක 111 ක බලය සදහා ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ සහ තලේබාන් සංවිධානය අතර දරැණු ගැටුම් පවති.

දිස්ත්‍රික්ක 68 ක සම්පූර්ණ බලය තවමත් ඇෆ්ගනිස්තාන ආරක්ෂක හමුදා යටතේ පවතින අතර ඒවා සියල්ලම පාහේ නාගරික ප්‍රදේශවීම විශේෂ කරැණකි.

Related posts

ප්‍රංශ ජනපතිට කොවිඩ්

colombotoday

මග වැරදුණු තුර්කි ගුවන් යානයක් මුහුදට නොවැටී නූලෙන් බේරුණු හැටි (Video)

colombotoday

බ්‍රිතාන්‍ය නව අගමැති අද දිවූරුම් දෙයි

colombotoday

හිජාබය නිසා තමීම් ඉක්බාල්ගේ බිරිදට ලන්ඩනයේදී ඇසිඩ් ප්‍රහාරයක්..

colombotoday

ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස පැණි පානය කළ ගැම්බියාවේ දරුවන් 66ක් වකුගඩු අකර්මණ්‍ය වී මරුට

colombotoday

වසර 14කට පසු ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යයි

colombotoday