Colombo Today Local News

දෛනික කොරෝනා රෝගීන් අඛණ්ඩව ඉහළ ගිය හොත් විකල්ප සූදානම් – නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

දෛනික කොරෝනා රෝගීන් අඛණ්ඩව ඉහළ ගිය හොත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, ඒ අනුව, ත්‍රිවිධ හමුදාව, විශ්‍රාමික කාර්ය මණ්ඩලය සහ පෞද්ගලික අංශ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු කණ්ඩායම් ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අනියුක්ත කරගැනීමට පියවර ගන්නා බවයි.

මේ අතර, කොරෝනා රෝගීන් ප්‍රවාහනයට ගිලන් රථ ප්‍රමාණවත් නොවන්නේ නම්, ප්‍රාදේශීය මට්ටමින් සුදුසු වැඩපිළිවෙළකට යොමු වීමට අවශ්‍ය පියවර ගන්නැයි, සියලු පළාත් අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් දී ඇතැයි ද, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

මේ අතර, පරීක්ෂාවට ලක් කළ නියැදි අනුව ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 117 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, ආසාදිතයින් 94 දෙනෙකුගේ ජෛව සාම්පල් පරීක්ෂණ අනුව කර ඇති ජානමය අනුක්‍රමණ පරීක්ෂණ අතුරින් හඳුනා ගෙන ඇති ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් සංඛ්‍යාව 56 ක් වන බවයි.

ඒ, කොළඹ, අංගොඩ, කඩුවෙල, නුගේගොඩ, ගල්කිස්ස, බොරලැස්ගමුව, මහරගම, පිළියන්දල, කහතුඩුව, කැස්බෑව, බණ්ඩාරගම, පානදුර, කළුතර, බියගම, කඩවත සහ රාගම යන ප්‍රදේශවලිනි.

මීට අමතරව ගාල්ල, මාතර, රත්නපුර, කුරුණෑගල, අම්පාර, වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් ද ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හඳුනා ගෙන ඇතැයි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසයි.

මේ අතර, මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3 24, 223 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

හැම කැබිනට් පත්‍රිකාවක්ම අකුරක් නෑර කියවන ජනාධිපති කෙනෙක් දැක්කමයි – අගමැති අයියාගෙන් ජනපති මල්ලීට ඇගයීමක්

colombotoday

පාකිස්තාන අගමැති දිවයිනට

colombotoday

සබීතා පායේ තෝම්බුව හොයන්න පත්කළ කමිටුව රැස්වී ඇත්තේ එකවතාවයි….

colombotoday

රන්-මැණික් සොරකමේ ගිය හිටපු එස් ටී එෆ් සෙබළා අල්ලයි

Admin

93 ක නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248ට ලබන 18 සිට 21 දක්වා නම් කැදවයි..

colombotoday

බෙහෙත් ගන්න ගිය කතට දොස්තර අතවර කරලා…

Admin