Colombo Today Local News

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගනියි

මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් බැසිල් රාජපක්ෂ මහතා මීට සුළුවේලාවකට පෙර සිය අමාත්‍යාංශයේ දී වැඩ භාරගෙන තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා අද (08)දින උදෑසන මුදල් කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා තෝරා පත්කර ගත් අතර ඒ මහතාගේ නම ඊයේ (07)දින ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබුණි.

කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ දිවුරුම් දීම සිදුවිය.

ඒ අද පෙරවරු 10.00 පාර්ලිමේන්තුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමෙන් අනතුරුවය.

අමාත්‍යාංශ විෂය පථ සංශෝධ‍නය විමත් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධුරයේ දිවුරුම්දීම ද අද පෙරවරුවේ සිදුවිය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ සිටියදී ඔහු යටතේ පැවැති ආයතන හා කාර්යය කිහිපයක් ඔහු නව අමාත්‍ය ධුරය දරණ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.

Related posts

පොල් පැළ හිගයක්. 2020 වසරේදී පොල් වගා කිරීමේ මණ්ඩලයේ පැළ තවාන්වලින් පැළ ලක්ෂ 20ක් නිකුත් කරලා.

colombotoday

ඔස්ට්‍රේලියාවට පනින් ඉරණවිල සැගවසිටි 29ක් මාට්ටු

colombotoday

වාහන අවභාවිතා ගැන ලිඛිත සාක්ෂි තිබියදී ඇමති ලසන්ත, මන්ත්‍රී ආශු තවම නිදැල්ලේ

colombotoday

මානූෂීය මෙහෙයුම අවසන් කළ කරන්නාගොඩට සහ රොෂාන් ගුණතිලකටත් “මාර්ෂල්” තනතුරු

colombotoday

පොලොන්නරුවේ නිධන් හෑරු 4ක් අල්ලයි

Admin

රිෂාඩ් ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 15 දා සලකා බලයි

colombotoday