Colombo Today Local News

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට සහභාගී වු තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් නැමැත්තාගේ අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වු තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක් වු නාරම්මල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නැමැත්තෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ‍‍, 2018 හා 2019 වසරවල දී සහරාන් හා ඔහුගේ අනුගාමිකයින් විසින් පැවැත් වු අන්තවාදී පන්තිවලට සහභාගී වීම හා ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා ලබාදීම සම්බන්ධයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවය.

සැකකරු වර්තමානයේ කොච්චිකඩේ, දළුපොත ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරන විමර්ශන අනුව මේ වන විට සැකකරුවන් 14දෙනෙකු පමණ අන්තවාදී පන්තිවලට සහභාගීවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබේ.

Related posts

දරුවන් තිදෙනා පොලිසියට භාර දි මවක් දුම්රියට පනින්න හදයි

Admin

ජනපති හොරාගේ අම්මාගෙන් පේන අහයි.. නාහිමිවරුනූත් හෑල්ලුවට ලක් කරයි !

colombotoday

උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක්

Admin

දේශබන්දු වෙනුවෙන් පෙනී සිටි ටිරාන්ගේ ප්‍රකාශයකට කොළඹ මහාධිකරණ නීතීඥ සංගමයේ අප්‍රසාදය

Admin

වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක

colombotoday

මීළග අගවිනිසුරු නම් කෙරේ

colombotoday