මේ ආණ්ඩුව අධිරාජ්‍යවාදයට ජාතකව උපන් ආණ්ඩුවක් බවත්, ජනතාව ඉදිරියේ විශාල පොරොන්දු මල්ලක් දී බලයට පත්වූ ආණ්ඩු ඒ පොරොන්දු මාළාව සහමුලින්ම කඩකර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
දැන් තිත් බේත් බොන්න ඕන වෙලාවක් තොපිම බීපියව් යැයි වාසුදේව නානායක්කාර මහතා එහිදී පැවසීය.
ඔහු මේ බව පැවසූවේ ආණ්ඩු විරෝධී ජන බලයක් ගොඩනගමු. යන්න තේමා කර ගනිමින් කෑගල්ල – රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (09) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.