අන්තර්ජාලය හරහා පාසල් සිසුන් ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, 28 හැවිරිදි සැකකරු තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
ඔහු මෙරට ප්‍රධාන පෙළේ ජංගම දුරකතන සමාගමක අලෙවි නියෝජිතයෙකු ද වේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අද මොරවක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.