Colombo Today Local News

කිසිදු කොවිඩ් මර්දන එන්නතකට ‘ලැම්ඩා’ මර්දනය කළ නොහැකි

මේ වනවිට දකුණු ඇමරිකාවේ පවතින ලැම්ඩා ප්‍රභේදය ඕනෑම අවස්ථාවක මෙරටට ඇතුළුවිය හැකි බැවින් මාර්ගෝපදේශයන් අකුරටම පිළිපැදීම ඉතාමත් වැදගත් යැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

කොවිඩ් රෝගීන්ගෙන් අහඹු ලෙස මෙම ජෛව සාම්පල ලබාගන්නා බවද හෙතෙම කීය.

මෙලෙස ලබා ගන්නා ජෛව සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයට පරීක්ෂණ සඳහා ලබාදෙනු ඇත.

‘ලැම්ඩා’ කොවිඩ් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ‘C37’ වශයෙන් නම්කර ලැයිස්තුගත කර තිබේ.

මෙම ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය මේ වනවිට ලතින් ඇමරිකාව, චිලී, පේරු යන රාජ්‍යය ඇතුළු රටවල් 30ක ව්‍යාප්ත වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ මුල්වරට ‘ලැම්ඩා’ කොවිඩ් ප්‍රභේදය පේරු රාජ්‍යයෙන් සොයාගත් බවයි. මෙතෙක් ලොව නිෂ්පාදිත කිසිදු කොවිඩ් මර්දන එන්නතකින් මෙම කොවිඩ් ප්‍රභේදය මර්දනය කළ නොහැකි බවත් එම සංවිධානය පවසයි.

Related posts

මහ කන්නයේ වී වගාට දියවර නිකුත් කිරීම ලබන 20 වැනිදා

colombotoday

මන්ත්‍රී ජොනී තවත් නඩු හතරකින් නිදහස්

colombotoday

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් 11 දිවයිනට

colombotoday

මාවනැල්ලේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලයි

colombotoday

තෙල් සංස්ථාවට නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් කුලියට ගැනීමට කැබිනට් අනුමැතිය

Admin

කොළඹට විශේෂ ආරක්ෂාවක්

Admin