Colombo Today Local News

ඇමති කිරිඇල්ලට උපදේශකයන් 58යි.. චෝදනාව පාර්ලිමේන්තුවේදී පිලිගනී !!

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යා ලක්ෂමන් කිරිඇල්ලගේ උපදේශකයන් ලෙස කටයුතු කළ පුද්ගලයන් 58 දෙනෙකු එම තනතුරුවලින් ඉවත් කළ බව ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔවුන් එම ධුරයන්ගේ කටයුතු කරනු ලැබුවේ වසරක කාලයකට පමණක් යයිද කී ඔහු එම පිරිස ඉවත් කරන ලද බව කෝප් කමිටුවට ලිඛිතව දැන්වූ බවද සදහන් කලේය.

රුපියල් 25000ක මාසික වැටුපක් සහ රුපියල් 40000ක ගමන් වියදම් දීමනාවක් යටතේ මෙම උපදේශකයන් බදවාගෙන තිබිණි. එම පුද්ගලයන් බදවාගෙන තිබුණේ ඇමතිවරයාගේ දේශපාලන හිතවත්ම මත වන අතර බොහෝ දෙනෙකු අවම අධ්‍යාපන සුදුසුකම්වත් සපුරා නොතිබුණු බවට චෝදනා එල්ල වී තිබිණි.

කෙසේ වෙතත් විපක්‍ෂය විසින් චෝදනා කරන්නේ මෙම පිරිස සදහා වැටුප් වාහන ඇතුළු දීමනාවලට මාසිකව රජය විසින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කරනු ලැබ ඇති බවත් එය රාජ්‍ය මුදල් අවභාවිතයක් බවත්ය.

Related posts

සන්නද්ධ රාජකාරියට මසක දිගුවක්

colombotoday

චීන පොහොරවලට මුදල් ගෙවීම වළකාලමින් පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

colombotoday

බෝවෙන රෝගයක්‌ වගේ පිළිකා පැතිරෙනවා… හේතුව මෙන්න!

colombotoday

මිලියන 42කට අධික කේරළ ගංජා කිලෝ 141ක් නාවික හමුදා භාරයට

colombotoday

සෞඛ්‍ය ඇමතිනිය සුවය ලබා රෝහලෙන් පිටව යයි

colombotoday

හමුදා මෙහෙයුම් ඇරඹෙයි.. මියන්මාරයේ මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් බංග්ලාදේශයට පලා යයි

colombotoday