Colombo Today Local News

“නෝනා කෙනෙක් ඇවිත් බාධා නොකළ නම්, ඇළ මාර්ග සියල්ල හාරලා.. බාධා කරපු අය නිසා තමා මේ ගංවතුර ප්‍රශ්න “

පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ගම්පහ නගරය ඇතුළු දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක් ජලයෙන් යටවිය.

ඒ අතරින් වැඩි ප්‍රමාණයක් ප්‍රදේශ ජලයෙන් යටවුනේ කඩවත සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකරීම් සිදුවන ස්ථාන ආශ්‍රිතවයි.

වේයන්ගොඩ මැදවත්ත ප්‍රදේශයත් ජලයෙන් යට වූ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් එම ප්‍රදේශය ආශ්‍රිතවත් සිදුවෙමින් තිබේ.

මේ හේතුවෙන් ජලය ගලායන මාර්ග බොහොමයක් අවහිරවී ඇති අතර පවුල් 100 ක් පමණ මේ නිසා දැඩි දුෂ්කර තත්ත්වයකට පත්විය.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසන්නේ, මාර්ග ව්‍යාපෘති හේතුවෙන් අධිවේගි මාර්ග පද්ධති හේතුවෙන් කිසිදු ප්‍රදේශයක් ජලයෙන් යට නොවූ බවයි.

”අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඕනා මේ මාර්ග ව්‍යාපෘති නිසා අධිවේගි මාර්ග පද්ධති හදපු කොහේවත් යට වෙලා නෑ. හැබැයි සමහර වැඩ පටන් ගත්තාම ඒ වැඩ කරගන්න බැරි වෙන්න ප්‍රායෝගිකව ඇවිල්ලා විවිධ බාධක දැම්මා. මධ්‍යම අධිවේගි මාර්ගයේ ගම්පහ ප්‍රදේශයේ හරිනම් අපිට බධා නොවෙන්න අර එක නෝනා කෙනෙක් ඇවිල්ලා ඒ බාධා නොවෙන්න මේ වෙද්දි ඒ ප්‍රෙද්ශයේ ඒ ඇල මාර්ග සියල්ලක් හාරලා ඒ ඇල මාර්ග සංවර්ධනය කරලා අධිවේගි මාර්ගය ක්‍රමවත්ව හදන්න තිබ්බා. හැබැයි ඒ බාධා කරපු අය නිසා තමා මේ ගංවතුර ප්‍රශ්න සමහර විට තියනවා නම් ඒවා ඒ පුද්ගලයින්ට ඒ චෝදනා එල්ල වෙන්න ඕනා..”

Related posts

ගෝඨා අද උසාවියට… රිමාන්ඩ් කිරීමේ සූදානමක් ??

colombotoday

මැයි 11 කොළඹ එන අයට නව රෙගුලාසි

colombotoday

සත්ව ආහාර හා බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම අත්හිටුවන්න උපදෙස්

Admin

ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහි නඩු: හිටපු ජනාධිපති මෛත්‍රීත් වගඋත්තර කරුවෙක් කරන්න නියෝග

colombotoday

“ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වෙනවා”

colombotoday

අංගොඩ ලොක්කා මියගියාද යන්න ගැන තවමත් කරුණු සොයන බව පොලිසිය කියයි

colombotoday