කොවිඩ් – 19 වෛරසය ආසාදිතව බදුල්ල ප්‍රදේශයේ පාසල් ගුරුවරියක් මියගොස් තිබේ.
බදුල්ල රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ එම ගුරුවරිය අසාධ්‍ය තත්ත්වයෙන් ඊයේ (05)දින රෝහලට රැගෙන ආ බවයි.
ඇය රෝහල් ගත කර කෙටි වේලාවකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්වූයේ බදුල්ල දෙමළ බාලික විදුහලේ සේවය කළ කේ. ශාන්ති මලර් නමැති 49 හැවිරිදි ගුරුවරියකි.
ඇය බදුල්ල යාම්පානම් ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.