Colombo Today Local News

අධික වර්ෂාවෙන් යාපනයේ ජල ගැලීම් තත්ත්වය ඉහළට.. කිලිනොච්චියේ වැව් දෙකක් වාන් දමයි

අධික වර්ෂාවත් සමග යාපනය දිස්ත්‍රික්කයේ ජල ගැලීම් තත්ත්වය ඉහළ යමින් ඇතැයි දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මරදන්කර්නි ප්‍රදේශයේ ජල ගැලීම් තත්ත්වය මේ වනවිට වැඩි වී ඇති බවයි.

වර්ෂාවෙන් දිස්ත්‍රික්කයේ පවුල් 16,250 ක පුද්ගලයින් 54,163 දෙනෙකු පීඩාවට පත් ව ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය.

ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 3393 කි.

මේ අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වැව් දෙකක් මේ වනවිට වාන් දමමින් පවති.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 4334 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ, අඛණ්ඩව වැසි ඇදහැලුණහොත් වැව් ආශ්‍රිතව ජීවත්වන ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් විය යුතු බවයි.

වර්ෂාව හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ද පුද්ගලයින් 1925 දෙනෙකු පීඩාවට පත්ව සිටි.

මන්නාරම දිස්ත්‍රික්කයේ වර්ෂාවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 7784 කි.

Related posts

පසුගියදා කැබිනෙට්ටුවෙ තිබුණ නාට්‍ය මරේ මරු

colombotoday

තේ තහනම ඉවත් කරන්නැයි ජනපති සිරිසේන රුසියානු ජනපති පූටින්ගේ ඉල්ලයි !

colombotoday

තෙල්දෙණියේ සිදුවීමෙන් මියගිය පුද්ගලයාගේ නිවසට ඥානසාර හිමි වඩිති.

colombotoday

මැතිවරණ පෙත්සම් ගැන තීන්දුවක් ගන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

colombotoday

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රි සිවාජිලිංගම් අත්අඩංගුවට

colombotoday

වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයෙන් ඇද වැටී පුද්ගලයෙක් මරුට

colombotoday