Colombo Today Local News

හොරණ මූලික රෝහලේ සෞඛ්‍ය සේවකයින් උද්ඝෝෂණයක

හොරණ මූලික රෝහලේ කනිෂ්ට කාර්ය මණ්ඩල පුරප්පාඩු වහාම සම්පුර්ණ කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලා අද (03)දින දහවල් හොරණ මූලික රෝහලේ සේවකයින් පිරිසක් එම රෝහල් පරිශ්‍රය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටියහ.

අතුරු දීමනාව වහාම ගෙවීමල එකඟවූ නිදි විවේක දීමනාව වහා ලබා දීමල කොව්ඞ් වසංගත තත්වය යටතේ සේවයේ නියුතු කාර්ය මණ්ඩල වලට අවශ්‍ය පහසුකම් ලබා දීම සහ සෞඛ්‍ය ප්‍රතිපාදන කප්පාදුව ඇතුළු ඉල්ලිම් රැසක් මුල්කර ගනිමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කර තිබුණී.

‘අතුරු දීමනා වහා ගෙවනු එකඟ වූ නිදි විවේක දීමනාව වහා ලබා දෙනු’ ‘කොරෝනා වලින් මැරුණොත් අපට වගකියන්නේ කවුද’ ‘අය වැයෙන්සෞඛ්‍යට වෙන් කළ ප්‍රතිපාදන වැඩි කරනු’ යන මැයෙන් සටහන් කරන ලද විරෝධතා පුවරු රැගෙන මෙලෙස විශාල පිරිසක් රෝහල් පරිශ්‍රය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව සිටියහ.

මෙම විරෝධතාවයට උපස්ථායකවරු කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සහ පරිපාලකවරු එක්ව සිටි අතර රෝහල් කටයුතු වලට බාධාවක් නොවන පරිදි ආහාර පැයේ විරෝධතාවයේ නිරතව සිටි විරෝධතාකරුවෝ සාමකාමීව විසිර ගියහ. සමස්ත ලංකා සුව සේවා සංගමයේ හොරණ මූලික රෝහල් ශාඛාව මගින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කර තිබුණි.

Related posts

නව අගමැතිවරයෙක් පත් කිරීමේ සූදානමක්… නම් දෙකක් යෝජනා වෙයි…

colombotoday

හදිසි මෙහෙයුමක්

Admin

“ශ්‍රී ලාංකිකයින් එකා මෙන් එක් විය යුතුයි” – ජනපතිගෙන් පණිවුඩයක්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළට

colombotoday

රටට අවශ්‍ය දරදඩු පාලකයෙක්ද ? – රට්ටු කියන කතා මෙන්න (Video)

colombotoday

රටට එරෙහි ගතු කේලාම් කියන්නා හිවලෙක් – සුදත්ත හිමියන්ගෙන් කාදිනල්ට පාඩමක්

colombotoday