Colombo Today Local News

මහර සිද්ධියේ අතුරු වාර්තාව මැතිසබයට

මහර බන්ධනාගාරයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව අද (09)දින අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එම කමිටුවේ සම්පූර්ණ වාර්තාව මාසයක් ඇතුළත ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.

මහර බන්ධනාගාරය තුළ නොවැම්බර් 29 වැනිදා හටගත් කලහකාරී සිද්ධියෙන් රැඳවියන් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 106 දෙනෙක්ට තුවාල සිදුවිය.

මියගොස් තිබූ 11 දෙනාගෙන් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බව වාර්තා වුණි.

මේ අතර මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් 165දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව ද සඳහන් වේ.

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයක් පොලිස් අත්අඩංගුවට

colombotoday

කරු ජයසූරිය කියන්නෙ ශාසනාරක්ෂක නායකයෙක් – ඒකාබද්ධයේ බන්දුල පාර්ලිමේන්තුවේදී කරු ගෙ ගුණ වනයි.

colombotoday

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

Admin

පෝට් සිටියේ ආයෝජනයට සමාගම් හයක් ඉදිරිපත් වෙයි

Admin

වී වගාවට පණු රෝග කිහිපයකින් බලපෑම්

Admin

රු. 800,000 කට අලෙවි වූ අඹ ගෙඩි දෙකක්: යාපනයේ පූජාවක

Admin