Colombo Today Local News

අරගල භූමියේ ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බවට නීතිපතිගෙන් ප්‍රතිඥා

නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වනදා තෙක් ගාලු මුවදොර ගෝඨාගෝගම අරගල භූමියේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අද(5)දින ප්‍රතිඥාවක් ලබා දුන්නේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අභියාචනාධිකරණයට දන්වා සිටියේ , මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබාදෙන බවයි.

කෙසේ වෙතත් අදාළ කාල සීමාව තුළ මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන මූලික නීතිමය පියවර ආරම්භ කිරීමට වගඋත්තරකරුවන්ට බාධාවක් නොමැති බව ද අධිකරණය ප්‍රකාශ කළේ ය.

එමෙන්ම අදාළ ප්‍රදේශයෙන් ස්වේච්ඡාවෙන් ඉවත් වීමට කැමති පුද්ගලයින්ට ඉන් ඉවත්ව යාමට මෙම එකඟතාව බාධාවක් නොවන බවත් අධිකරණය ප්‍රකාශ කළේ ය.

ගාලු මෝදර ගෝඨාගෝගම අරගල භූමියේ තිබෙන අනවසර ඉදිකිරීම් හා බෝග වගාවන් අද පස්වරු 5 ට පෙර ඉවත් කර ගන්නා ලෙසට පොලිසිය කර ඇති නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මෙම ප්‍රතිඥාව ලබා දීම සිදුව තිබේ.

Related posts

කුළු බඩු වලට දෙසැම්බර් සිට ප්‍රමිති සහතිකය අනිවාර්ය කෙරේ…

Admin

ඉන්ධන රැගත් දුම්රියක් පීලි පනී

colombotoday

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා සංචාරකයින්ට ලංකාවට ආරාධනා කරයි

Admin

“රාජිතගේ ප්‍රකාශ නිවටයි.. බියගුළුයි“.. දිල්රුක්ෂි ප්‍රති ප්‍රහාර අරඹයි !

colombotoday

ඉන්දියාවේ සමලිංගිකයින්ට මංගල සුභපතයි

colombotoday

එටිසලාට් බදු වංචාවක.. බදු වැඩියෙන් අයකර දිනකට රු මිලියනයක් පාරිභෝගිකයන්ගෙන් ගසා කයි

colombotoday