වී අලෙවි මණ්ඩලය විසින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමෙි දී වී කිලෝවකට උපරිම මිලක් නියම කර තිබේ.
ඒ අනුව නාඩු වී කිලෝ ග්රෑම් එකක් රුපියල් 120කටත්, සම්බා හා කැකුළු වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිල දී ගැනීමට තීරණය කළ බව වී අලෙවි මණ්ඩලය සඳහන් කළේය.