Colombo Today Local News

පිළියන්දල පැය 4ක විශේෂ මෙහෙයුමකින් 32ක් අත්අඩංගුවේ

පිළියන්දල ප්‍රදේශයේ අද (04) අලුයම පැය හතරක කාලයක් පුරා සිදුකළ මෙහෙයුමේදී සැකපිට පුද්ගලයන් දොළොස් දෙනෙකු ඇතුළු 32දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම පිරිස අතර විවෘත වරෙන්තු ලැබූ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් ද වන බව පොලීසිය සඳහන් කරයි.

අනෙකුත් සැකකරුවන් අතර හොරෙයින් මත්කුඩු ,අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා සමග පුද්ගලයන් 17 දෙනෙකු ද, සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයන් 12 දෙනෙකු ද එකී සැකකරුවන් පිරිස අතර වන බව පොලිසිය පවසයි.

අලුයම 1 සිට අළුයම 5 දක්වා පැය හතරක කාලයක් පුරා මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් ඒ සඳහා පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ඇතුළු කණ්ඩායම් 5 ක් සහභාගි වී ඇත.

Related posts

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

colombotoday

හෙළ සිනමාවේ රිදී සීනුව සමුගනී

colombotoday

ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබාදුන් සහය ඇමෙරිකාව පසසයි

Admin

රනිල්ට එරෙහිව ඌවේ විරෝධතා…

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 77ක හුදකලාබව ඉවතට

colombotoday

සා/පෙළ විභාගය මධ්‍යස්ථාන 3ක් තුළ වංචා සිද්ධීන් 3ක්

Admin