දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තර මිලදී ගැනීමට නොමැති බව පාරිභෝගිකයෝ පවසති.
පාරිභෝගිකයින් පවසන්නේ, බොහෝ වෙළෙඳසැල්වල බිත්තර අළෙවි නොකරන බවයි.
මේ අතර සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයින් ඊයේ පස්වරුවේ, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.