Colombo Today Local News

සෞදි ඉදන් ආ තරුණයාට හමු වූ මෝහිණී අත්අඩංගුවට

ගුවන් යනායකදී හදුනාගත් පුද්ගලයකුට අවුරුදු 2 ක් වයසැති පිරිමි දරුවකු දී පලා ගිය කාන්තාව අද (29) අලුයම අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, උඩුගම ප්‍රදේශයේ පදිංචි 37 කාන්තාවක බව පොලිසිය කියයි.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි, පොලිස් කණ්ඩායමක් විසින් සැකකාර කාන්තාව සිය නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය තවත් දරුවන් සිටින විවාහක කතක් බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තොරතුරු ලැබී ඇතැයිද උසස් පොලිස් නිලධාරීයෙක් පවසයි.

අවුරුදු 11 ක් පමණ සෞදි අරාබියේ සේවය කර ඉකුත් 25 දා දිවයිනට පැමිණ කළුතර, බෝධියවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් කල පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිලිකරු සෞදි අරාබියේ සේවය කර මව් රටට එමින් සිටියදී එම ගුවන් යානයේම අවුරුදු 2 ක පිරිමි දරුවකු සමග පැමිණි කතක් හදුනාගත් බවත්, කටුනායක ගුවන් තොටුපලේදී ඇයටද කළුතර යාමට අවශ්‍ය බව දැන්වූ බැවින් තමා පැමිණි කුලී රථයෙන්ම ඇය සහ දරුවා නංවාගෙන පැමිණ ඇති බවත් පැමිණිලිකරු සදහන් කර ඇතැයි පොලිසිය පවසයි.

කටුනායක සිට කළුතර දක්වා පැමිණෙන අතරතුර කළුතර නගරයේදී සිසිල්බීම බෝතලයක් සහ චොකලට් එකක් රැගෙන එන බව පවසා දරුවා තමාගේ අතට දී වාහනයෙන් බැසගිය බවත් බොහෝ වේලාවක් නොපැම්ණි බවත් පැමිණිල්ලේ සටහන් කර ඇතැයි පොලිසිය සදහන් කරයි.

Related posts

ජනපති රනිල් ඉන්දියාවේ දෙදින නිල සංචාරයක

Admin

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරන යන බුද්ධ ප්‍රතිමා ආකෘතියක් ගිනි තැබීමේ සිද්ධියේ ඇත්ත කතාව

colombotoday

විශ්ව විද්‍යාල පතිපාදන කොමිසම යළි කෝප් කමිටුව හමුවට කැදවයි

colombotoday

“අපේ මිතුදම ගැන අන්තවාදීන් වැරදි කතා කියනව” ජනපති සිරිසේන ඉන්දීය අගමැති මෝදිට කියයි

colombotoday

ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලීම්. – ඉන්දීයාවෙන් ලැබෙන අවසන් ඩීසල් නැව හෙට දිවයිනට

colombotoday

හරීන් අගරදගුරුතුමා සම්බන්ධව කළ විවේචනාත්මක ප්‍රකාශය සමගි ජනබලවේගය කළඹයි

colombotoday