Colombo Today Local News

විදුලි බිල වැඩිවීම කිරීම අනිවාර්යයි – බලශක්ති ඇමති කියයි

විදුලි බිල වැඩිවීම ජනතාවට අමාරු වුණත් මණ්ඩලයේ වියදම දෙස බැලූවිට මෙය කළ යුතුම දෙයක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අද (29)දින පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ විදුලි බිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පැවැති සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලට සහ පෞද්ගලික බලාගාර සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 7600කට වැඩි මුදලක් ගෙවීමට ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණක් ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 3100 ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලි බිල වැඩි කළත් අඩු ආදායම්ලාභී අයට සහන සලසා ඇතැයිද ඔහු කීවේය.

විදුලිබල මණ්ඩලයට කළ හැකි සමහර කටයුතු වෙනත් අංශවලට පසුගිය කාලයේදී පවරාදී තිබූ බව පැවසූ විජේසේකර මහතා මණ්ඩලයේ මාෆියාවට විරුද්ධව කටයුතු කිරීමේදී තමා තනිවූ අවස්ථා තිබෙන බවද ප්‍රකාශ කළේය.

විදුලි බල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ගේ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න පවතින බවත් මෙම ආයතන සේවකයන්ට 25%ක වැටුප් වර්ධකයක් වාර්ෂිකව ලබාදෙන්නේ සේවා ඇගයීමක් කිරීමෙන් තොරව බවත් ඔහු පැවසුවේය.

මේවා නැවැත්විය යුතු බව කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

අගමැතිගෙන් චිට් තුනක්..! අනුර, සම්බන්ධන්, සුමන්තිරන් නැගිට යයි..! පාර්ලිමේන්තුවේ ඊයේ වු අමුතු වැඩේ මෙන්න..!

colombotoday

අධිවේගී මාර්ගය මටත් අයිතියි.. මගේ නම ගලවලා මහින්ද විවෘත කළා – චන්ද්‍රිකා

colombotoday

සෞඛ්‍ය සේවය කඩාවැටීමේ බරපතළ අවදානමක් – රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අනතුරු අඟවයි

colombotoday

පුතුගේ උපන්දිනයට ගුරුවරියකගෙන් අයිස්,ගංජා පාටියක් දීලා

colombotoday

රක්ෂිතයකින් දිරාගිය කාන්තා අස්ථි කොටස් හමු වෙයි

Admin

“ඉස්ලාම් පිළිකාව අතුගා දමන්න ඕනෑ” කීවාට ඥාණසාර හිමිට නඩු !

colombotoday