Colombo Today Local News

උ/⁣පෙළ සිසුන් 171,497 දෙනෙකුට විශ්වවිද්‍යාල වරම්: අයැදුම්කරුවන් 49 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි..

විදුහල්පතිවරුන්ට අද (29)දිනයේ සිට 2021 උසස් පෙළ ප්‍රතිඵල ලේඛන භාගත කිරීමට අවස්ථාව සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි.

දෙවන හා තෙවන වර උසස් පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන්ට ලබන පළමුවැනිදා සිට 8 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට අයැදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵළ ඊයේ(28)දින නිකුත් කළේ ය.

විභාගය සඳහා අයැදුම්කරුන් 272,682 ක් පෙනී සිටි අතර ඉන් 171,497 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබේ.

අයැදුම්කරුවන් 49 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇතැයි ද, විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Related posts

මඩකලපුවේ ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකලා කෙරේ

colombotoday

චම්පිකගේ පචවලට ලෝකය ඇලවෙලා.. හිරුණිකාට තියන්නේ කොල්ලෙක් පැහැරගෙන සිඟිති චූන් දමාගැනීමටයි

colombotoday

ජපානය බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානයක් යළි කටුනායකට ගොඩබස්වයි

Admin

ආනයනික සහල් සහ පාන් පිටි බදු පහළ දැමේ !

colombotoday

විශේෂඥ පට්ටමක් නිසා නියෝජ්‍ය කතානායකටත් ලෙඩක්

Admin

අලින්ට ලේසර් කිරණ අල්ලා කුලප්පු කරනවාද? – චන්න පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

Admin