Colombo Today Local News

රනිල්ගේ නිවසට ගිනි තැබීම : ප්‍රකාශ සටහන් කර ගත් දුලාංජලී රටෙන් යයි

රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි සිය පෞද්ගලික නිවෙසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ප්‍රකාශ සටහන් කර ගැනුණු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ජයකොඩි මහත්මිය ඊයේ (26) උදේ දිවයිනෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

ඇය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 505 දරණ ගුවන් යානයෙන් මෙසේ දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ සන්ජේ ජයකොඩි සහ අමායා ජයකොඩි යන දරු දෙදෙනාද සමඟය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි සිය පෞද්ගලික නිවෙසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුලාංජලී ජයකොඩි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනුණේ පසුගිය 20 වෙනි සෙනසුරාදා දිනයේය.

කිසියම් ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවෙසට ඉකුත් ජුලි මස 9 වැනිදා ගිනි තබනු ලැබීමෙන් එහි වටිනා පොත්පත් ඇතුළු දේපළ රැසක් විනාශවිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුලාංජලී ජයගොඩ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තේ ඇය එම සිද්ධියවූ අවස්ථාවේදී ඒ ස්ථානයේ සිටි බවට ලැබුණු තොරතුරක් අනුවය.

Related posts

මද කිපුණු මහානාමයෝ පාසලේ නමත් කයි.. බාලිකාවකට බලෙන් පැන යකා නටයි (VIDEO)

colombotoday

ජනතා විමුක්ති පෙරමුණේ සහය හිටපු අගමැති රනිල්ට

colombotoday

ජී.එල්. – ඩලස් ඇතුළු පොහොට්ටුවේ 13ක් විපක්‍ෂයට

colombotoday

කොළඹ පාසල් තුනක සිසුන් මරා ගනිති.. හයක් රෝහලේ, 15ක් කූඩුවේ !!

colombotoday

පාරම්පරික නිජබිම් පෞද්ගලික සමාගම් වෙත පවරාදීමට එරෙහි ආදිවාසී නායකයන් ගොනුකල පෙත්සමට දින නියම වෙයි

colombotoday

විදෙස්ගතව සිටි 1080 දෙනෙකු දිවයිනට

colombotoday