Colombo Today Local News

රන්ජන් අධිකරණයෙන් සමාව අයැදී

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් අද (25)දින සමාව අයැද සිට තිබේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පළමු නඩුවට හා දෙවන නඩුවට අදාළව අධිකරණයෙන් මෙසේ සමාව ඉල්ලා සිටින බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ.

තමන් සිදුකළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලු දෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත.

තමා විසින් සිදු කරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවටත් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් ඔහු අධිකරණයට ලබා දුන් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

2017 අගෝස්තු 21 වන දා අරලිය ගහ මන්දිරයෙන් පිටත සිදු කළ ප්‍රකාශයට පළමු නඩුව ගොනු කරමින් 2021 ජනවාරි 12 වන දින ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කරනු ලැබිණි.

පළමු ප්‍රකාශය ඉවත් කර නොගන්නා බවට අධිකරණ භූමියේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙවන නඩුව ගොනු කර තිබිණි.

Related posts

උතුර – නැගෙනහිර ඒකාබද්ධ කළොත් නැගෙනහිර ලේ ගංගා ගලයි – මුස්ලිම් ඇමතිලා අනතුරු අගවයි

colombotoday

මෛත්‍රී – රනිල් දෙමල ජාතික සංවිධානයට දුන් පොරොන්දු ගැන සුමන්තිරන්ගේ ප්‍රකාශය

colombotoday

අධිවේගී රථ රථවාහන පොලීසියෙන් රියදුරන්ට හදිසි දැනුම්දීමක්

Admin

අනුරාධපුරයේ වී ගබඩා 60කට සීල් – කිලෝ ලක්ෂ හයක් වී අලෙවි මණ්ඩලයට

colombotoday

“සජිත්ට මොලයක් නෑ… එයා හොදයි සල්ලි බෙද බෙදා යන්න..” – සජිත් ගැන හිරුණිකා-රන්ජන් කියන කතා..

colombotoday

කොලොම්බියාවේ සිට කටුනායකට ගුවන් මගින්ම කු-ඩු ගෙන්වයි

Admin