Colombo Today Local News

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණීම කල් යයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීම තවත් සති දෙකකින් පමණ කල් යනු ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

හිටපු ජනාධිපතිවරයා අද (24)දින දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි.

එහෙත්, රොයිටර් පුවත් සේවය පවසන්නේ ලබන සැප්තැම්බර් මස මුල් සතිය වනතුරු ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයේ රැඳී සිටිනු ඇති බවයි.

ආරක්ෂාව තහවුරු කළහොත් ඊට පෙර වුව ද හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙනු ඇතැයි එම වාර්තාවේ සඳහන් ය.

තායිලන්තයේ රැඳී සිටීම සඳහා වැය වන අධික වියදම්, හිටපු ජනාධිපතිවරයාගේ ලංකා ගමන ඉක්මන් කිරීමට හේතුවී ඇතැයි ද රොයිටර් පුවත් සේවය සඳහන් කළේ ය.

මේ අතර හිටපු ජනාධිපතිවරයෙකුට නීතියෙන් සම්පාදනය කර ඇති වරප්‍රසාද හා පහසුකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ද හිමි විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

Related posts

ඩොලරය බසී. දෙමසකට පසු යළිත් රුපියල් 178 සීමාවට !

colombotoday

නෙළුව නගරයේ සියලුම වෙළඳසල් වසා දැමේ

colombotoday

ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සක් සුරින් නැවතත් තායිලන්තයට

Admin

මහතීර් මොහොමඩ්ගේ වගේම මහින්දත් යළි බලය ලබා ගන්නවා – ජී.එල්.

colombotoday

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය භාරව සිටි ගරු ශ්‍රී ලාල් ෆොන්සේකා පියතුමන් පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනපති කොමිසම හමුවට

colombotoday

මෝටර් රථයක සිර වූ 17 හැවිරිදි සිසුවා මිය යයි

Admin