Colombo Today Local News

මුදල් කාරක සභාවේ සභාපති ධූරය අනුර ප්‍රියදර්ශන යාපාට

නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණයෙන් අද (8)දින නැවත වතාවක් පත් කට තිබේ.

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය හෙබවූයේද අනුර ප්‍රියදර්ශන යාපා මහතාය.

මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (8) පෙරවරුවේ පැවැත්විණ. මෙම පත්කිරීම කෙරුණේ ඒ රැස්වීමේදීය.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා) සභාපතිවරුන් පත්කිරීමද ඉදිරි දිනවල සිදු කිරීමට නියමිතය.

එම කාරක සභාවලටද හිටපු සභාපතිවරුන්ම පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

Related posts

ප්‍රභූන් පිරිසක් කොරෝනා චීන එන්නතක් විද ගනී.

colombotoday

කුළු හරක් 12 දෙනෙකු බේරාගත් නියෝජ්‍ය ඇමතිගේ මෙහෙයුම – වීඩියෝ සහිතයි

colombotoday

උඩුවේ හිමි නිදහස් කිරීමට නීතිපති එරෙහි වෙයි… තීන්දුවට එරෙහිව ඇපෑලක්…

colombotoday

කිහිප දෙනෙකුට නඩු දැම්මට දුෂණය එසේමයි – සරත් ෆොන්සේකා

colombotoday

“රුවන්ගේ රථගාය තවම සුව වෙලා නෑ… බැණුම් අහන්නේ මමයි” – ජනපති

colombotoday

අක්ෂි රෝහලේ සැත්කම් යලි අරඹයි

Admin