Colombo Today Local News

බළලෙක් නිසා ගුරුවරියකට රු. ලක්ෂ 21ක වන්දියක්..

ගුරුවරියක් විසින් මෙහෙයවූ මාර්ගගත (online) පන්තිකදී ඇයගේ සුරතලා වූ බළලෙකු වරින් වර තිරයේ පෙනී සිටීම නිසා අදාල ගුරුවරිය අසාධාරණ ලෙස සේවයෙන් පහකිරීමේ සිදුවීමක් චීනයේ Guangzhou නගරයෙන් පසුගිය ජුනි මාසයේදී වාර්තා විය.

online පන්තියක් අතරතුරදී ගුරුවරියගේ සුරතල් බළලා 5 වතාවක් කැමරා දර්ශනයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ගුරුවරිය නඩුව මාර්ගයට යොමු වූ අතර, ඉන් ජයග්‍රහණය කිරීමට ඇයට හැකිවිය.

ඇයට යුවාන් 40,000ක් ( ලක්ෂ 21) මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙස එම ආයතනයට අධිකරණය නියෝග කළේ ය.

නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් දෙමින් අධිකරණයේ විනිසුරුවරයා පවසා ඇත්තේ, නිවසේ සිට වැඩ කිරීමට අවශ්‍ය නම්, ඔවුන් කාර්යාලයක වැඩ කරන ආකාරයට සමාන අපේක්ෂාවන් ඔවුන් සතුව නොතිබෙන බවය.

Related posts

කරන්දෙණිය උප සභාපති වෙඩි තබා මරා දමයි

colombotoday

රැකියාවට හැකියාවක් නැති ඉන්දියානු ඉංජිනේරුවන්ට ලෝකයේ දොර වැසෙයි

colombotoday

සිවාජිලිංගම් යලි ෆෙඩරල් ඉල්ලයි. ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනාවලින් මිදීය නොහැකි බව ද කියයි

colombotoday

සාෆි සිදුවීමෙන් ආන්දෝලනයට පත් වූ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකට මාරුවක්. ඒක දේශපාලන පළිගැනීමක්. අධ්‍යක්ෂක කියයි

colombotoday

උතුරේ අධ්‍යාපන ඇමතිට “සංහිදියාව” ඇලජික් වෙයි.. ජාතික කොඩිය ඔසවන්න බෑ කියයි (Video)

colombotoday

එක රටක් එක නීතියක් හදන්න ජනතාව පෙළ ගැසෙයි..

colombotoday