Colombo Today Local News

පළාත් පාලන මැතිවරණය මාර්තු 25 වැනිදාට පෙර

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 25 වැනිදාට පෙර පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරන්නේ, ලබන මස 20 වැනිදායින් පසු එය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිසමට පැවරෙන බවය.

මේ වනවිට විෂය භාර අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කර ඇති අතර එම කාලය ලබන මාර්තු 25 වැනිදායින් අවසන් වීමට නියමිත ය.

ඒ අනුව දැනට පවතින ප්‍රතිපාදන මත මැතිවරණ කොමිසම විසින් මැතිවරණයක් පවත්වා ඊට පෙර පළාත් පාලන ආයතන සඳහා සභිකයින් තෝරාපත් කර ගත යුතු වේ.

මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 341 ක් සඳහා සභිකයින් තෝරාපත් කර ගැනීමට නියමිත බවද සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.

Related posts

දෙරණේ චතුරට වැඩ වරදී..! පහත් ලෙස විවේචනය කළැයි පරීක්ෂණයක් අරඹයි..

colombotoday

නැගෙනහිර මහ ඇමතිගේ ක්‍රියාකලාපයට හින්දු සම්මේලනයේ විරෝධය

colombotoday

රුපියල් 20,000/-ක අල්ලස් ගත් පොලිස් පරීක්ෂකට අට වසරක සිරදඬුවම්

colombotoday

මසක් තුළ සිරකරුවන් 10,000 කට නිදහස

colombotoday

වීරසිංහම් ආනන්දසංගරීගේ පුතු කැනඩා අමාත්‍ය මණ්ඩලයට

Admin

බෙල්ලන්විල නා හිමියෝ අද දැයෙන් සමුගනිති

colombotoday