Colombo Today Local News

ගිනි අවියක් සහ තහනම් කඩු දෙකක් රැගෙන යමින් සිටි තුනක් මාට්ටු

ගල් කටස් වර්ගයේ ගිනි අවියක්, තහනම් කඩු දෙකක් ද රැගෙන ත්‍රිරෝද රථ දෙකකින් යමින් සිටි පුද්ගලයන් තිදෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ වැලිගම කොක්මාදූව කඳවුර පවසයි.

කඹුරුගමුව කොටවිල මාර්ගයේ ත්‍රිරෝද රථ දෙක ධාවනය වෙමින් තිබියදී ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

සැකකරුවන් කිසියම් අපරාධයකට සූදානමින් යමින් සිටියේදැයි සැකකරන අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටවිල පොලිසිය වෙත ඔවුන් බාරදී ඇත.

සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කොටවිල පොලිසිය කටයුතු කරගෙන යයි.

Related posts

කලවන්චිකුඩි රෝහලේ ඉපැරණි බෝධියක් කපා දැමීමට සැරසේ.. සිංහල සේවකයන්ගේ විරෝධය !

colombotoday

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කරදෙන්නැයි ඉල්ලා සන්දේශයක් භාර දෙයි

Admin

සැබෑ ආගමික සහජීවනය කුමක්දැයි අරුත්ගැන්වූ “මල්පැලේ උපන් පන්සලේ පියතුමා”

colombotoday

රණතුංගලා පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවට තිලංග එයි

colombotoday

‘ෆොන්සේකා උන්නැහේ තමුසේ මහා පොන්**## ..’ගාමිණී ලොකුගේ – ෆොන්සේකාට මැතිසබේදී ඇවිළෙයි..(Video)

colombotoday

අනුරාධපුරේ මැති ඇමති නිවෙස් ගිනිතැබූ අරගලකරුවන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

colombotoday