Colombo Today Local News

කෝටි 11කට අලෙවි කිරීමට තැත්කළ පුරාවස්තු සමග 05ක් දැලේ

රුපියල් කෝටි 11 කට අලෙවි කිරීමට තැත්කළ පුරාවස්තු සමග පුද්ගලයින් පස් දෙනෙකු අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහි තිබී ගල්වලින් නිමවන ලද ශෛල්‍යම පුස්කොළ පොත් 2 ක් සහ වටිනා මංජුසා 9 ක් හමුවු බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන් නිධන් වස්තු ජාවාරමෙහි යෙදෙන සංවිධානාත්මක කල්ලියක් බව ‌තොරතුරු වාර්තා වේ.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සහ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ඊයේ (18)දින මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වාරියපොල ,කුලියාපිටිය ,රත්නපුර සහ මොණරාගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙක් ද වේ.

සැකකරුවන් සියලුදෙනා අද(19)දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයින් සංකේත වර්ජනයක

colombotoday

මෙහෙම ගියොත් ජනාධිපති බින්දුවෙනුත් පහලට බහිනවා ! මෛත්‍රී කියයි

colombotoday

ගාලු මුවදොරට හමුදාව කැඳවයි

colombotoday

ගෑස්පහ හන්දියේ පොලිතීන් උරයක දැමූ කාන්තා මළ සිරුරක්

colombotoday

යාපනේ සුනඛ අවතාරයක්?

colombotoday

ව්‍යාජ නෝට්ටු සමඟ විගණන නිලධාරියෙක් මාට්ටු

Admin