Colombo Today Local News

පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සියල්ලේම සභාපති තනතුරු සජිත් ඉල්ලයි

පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සියල්ලේ ම සභාපතිත්වය විපක්ෂයට ලබා දෙන්නැයි ආණ්ඩුවට යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ ය.

රට ගොඩ නැගීම සඳහා සර්ව පාක්ෂික ඒකාබද්ධ වැඩපිළිවෙළකට පූර්ණ සහයෝගය ලබා දීමේ ස්ථීර මතයක සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සිටින බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

“අපිට ආරංචි ලැබෙනවා විශේෂයෙන් ම විපක්ෂයට ප්‍රධාන කමිටු සභාපති ගණනාවක් ලබා දීමේ තීන්දුවකට එළෙඹිලා තියෙනවා කියලා. ඒක ඉතා ම සාධනීය දෙයක්. රජයෙන් ඉල්ලීමක් කරනවා යෝජනාව ක්‍රියාවට නංවලා ඒ ප්‍රධාන කමිටු තුන පමණක් නොව ආංශික කාරක සභාවේ සියල්ලකගේ ම සභාපති තනතුරු විපක්ෂයේ සමූහයට ලබා දෙන්නැයි කියන එක අපි යෝජනා කරනවා.”

ඇමති තනතුරු බලාපොරොත්තු නොවී රට ගොඩ නැගීම සඳහා කොන්දේසි විරහිතව විපක්ෂය ලෙස සක්‍රීය දායකත්වය ලබා දෙන බව ප්‍රේමදාස මහතා වැඩිදුරට ත් පැවසීය.

Related posts

අයවැයට එරෙහිව රට පුරා වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

colombotoday

නව සාමාජිකයින් පත්කෙරුණු මැතිවරණ – පොලිස් කොමිෂන් සභා කටයුතු අරඹයි

colombotoday

කරුණා අම්මාන් ප්‍රකාශ ලබා දීම සඳහා CIDයට පැමිණෙයි

colombotoday

මෙවර අයවැයේ භයානකම යෝජනාව බන්ධුල හෙළිකරයි

colombotoday

රාජිතගේ බල බිඳින මෙහෙයුමක්.. ශ්‍රීලනිප ඇමතිලා ජනපතිට රතු එළි දල්වයි !

colombotoday

විනාඩි 4 න් රුපියල් මිලියන 100 ක මගඩිය සිදුවුනේ මෙහෙමයි

colombotoday