Colombo Today Local News

මැදවච්චියේ දෙදරු මවක් දියණියගේ පාසල ඉදිරිපිටදී පියා කපා කොටා ඝාතනය කරයි.

පවුල් ආරවුලක් දුර දිග ගොස් පියා විසින් තම දියණිය පාසලින් ඉවත් කර දෙන බව දියණියට පවසා දියණිය ලවා පාසල වෙත ගෙන්වා ගත් මව, දියණියගේ පාසල ඉදිරිපිටදීම සැමියා විසින් කුරිරු ලෙස කපා කොටා ඝාතනය කර ඇති බව මැදවච්චිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ පන්සල පාර මහදිව්ල්වැවැ, මැදවච්චිය, ලිපිනයේ පදිංචි 35 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ සෞම්‍යා සදමාලි දිසානායක නැමති දෙදරු මවකි.

කැබිතිගොල්ලෑව කලාපයට අයත්ව සිවිල් ආරක්ෂක භටයෙකු වන මහදිව්ල්වැවැ, මැදවච්චිය ලිපිනයේ පදිංචි 42 හැවිරිදි ධර්මදාසගේ සමරක්කොඩි ධර්මදාස යන ඝාතනයේ සැකකරු මීට වසරකට පෙරද මෙසේ මියගිය තැනත්තියට පිහියකින් ඇණ ඇත.

ඒ පිළිබඳ අධිකරණයේ නඩුවක්ද පවත්න බව පොලිසිය කියයි.

විටෙන් විට ඇති වන පවුල් ආරවුල් තත්ත්වයක් දුර දිග යාම හේතුවෙන් මව විසින් තම 17 හැවිරිදි දියණිය අධ්‍යාපනය ලැබූ මහදිව්ල්ලෑව පාසලින් දියණිය ඉවත් කර පූනෑව පාසලට ඇතුලත් කර ගැනීමට අවශ්‍ය බව ස්වාමියාට කිහිප දිනක් පවසා ඇත.

අනතරුව මෙම පියා විසින් දියණිය ලවා ඊයේ(17) උදෑසන 8.30 පමණ මහදිව්ල්වැව පාසල වෙත දියණිය ඉවත් කර දීමට පැමිණෙන ලෙස මවට පණිවිඩයක් යවා ඇත.

මෙම පාසලට ආසන්න පවුලේ නෑ නිවසක නැවතී සිටි මව එම අවස්තාවේම දියණියගේ පණිවිඩය හමුවේ පාසල වෙත පැමිණ ඇත.

අනතුරුව යතුරු පැදියෙන් පැමිණි මෙම පියා පාසලට මීටර් 600 ක් පමණ දුරක සිටි මවට කිට්ටු වී එක් වරම තම ඉනේ සගවාගෙන සිටි තියුණු උල් සහිත කිනිස්සක් ආකාරයෙන් සාදවා ගත් පිහියක් භාවිතා කර මවගේ ගෙල කපා ඇත. අනතුරුව ශරීරයේ කිහිප ස්ථානයකට පිහි පහරවල් එල්ල කර පළා ගිය සැකකරු කෘමිනාශක වර්ගයක් පානය කර ඇත. ඉන් රෝගාතුර වූ සැකකරු මැදවච්චිය රෝහල වෙත රැගෙන විත් පොලිස් අත්අඩංගුවට පත්ව ප්‍රථිකාර ලබමින් සිටි.

මේ පිළිබඳ වැඩි දුර විමර්ෂණ කටයුතු මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරේ.

  • මැදවච්චිය-ගයාන් –

Related posts

හමුදාව නිර්දෝෂයි.. හිටපු කොටින්ට විෂ එන්නත් කොකළ බව තහවුරුයි !

colombotoday

අනාගත ජාතික අභිලාෂ ජයග්‍රහණය කරවීමට කැපවීම අප සැමගේ යුතුකමයි – හිටපු ජනපති

colombotoday

ඩුබායි නිපුනගේ අනියම් බිරිඳ කුඩු සහ ලක්ෂ 21ක් සමග අත්අඩංගුවට

colombotoday

බැසිල් වෙනුවට පොහොට්ටුවෙන් ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

colombotoday

හර්ෂණගේ ආචාර්ය හුටපටයට තවත් ලොක්කෙක් සී.අයි.ඩී.යට

Admin

SAITM වීරෝධී සිසුන්ට එරෙහි විරෝධයට රාජිත සෞඛ්‍ය සේවකයන් බලෙන් ගෙන්වයි !

colombotoday