ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඒකාබද්ධ ව මුද්දරයක් නිකුත් කිරීමට යෝජනා වී තිබේ.
ඒ 2022 අගෝස්තු මස 15 වැනි දිනට යෙදුණු ඉන්දියාවේ 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ප්රජාතන්ත්රවාදය යන තේමාව පදනම් කරගෙනයි.
ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ පාර්ලිමේන්තු පිළිබිඹු වන අයුරින් මෙම මුද්දරය මුද්‍රණය කිරීමට නියමිත අතර දෙරටෙහි තැපැල් දෙපාර්තමේන්තු මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිතය.
ඊට සමගාමී ව දෙරටේ තැපැල් දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කෙරෙනු ඇත.