දියර කිරි ලීටරයක මිල රුපියල් 40 කින් ඉහළ දැමීමට කිරි නිෂ්පාදන සමාගමක් පියවර ගෙන තිබේ.
මීට සති තුනකට පමණ පෙර රුපියල් 260 ක්ව පැවැති දියර කිරි ලීටරයක් රුපියල් 300 ක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බව වෙළෙන්දෝ පවසති.
දියර කිරි පරිභෝජනය දිරිගැන්විය යුතු බවට රජය ප්රකාශ කළ ද මිල ඉහළ යෑමත් සමඟ තව දුරටත් ජනතාව දියර කිරිවලින් ඈත්වන බව පාරිභෝගිකයෝ කියති.