Colombo Today Local News

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝකරන්සි භාවිතයට අවසර

කොළඹ වරාය නගරයේ (පෝර්ට් සිටි) අනාගතයේදී ක්‍රිප්ටො මුදල් ඒකක (ඩිජිටල් මුදල්) භාවිත කිරීමට අවසර ලබාදෙන බව වාරාය නගර විශේෂ ආර්ථික කලාපයේ පාලක කොමිෂන් සභාවේ සභාපති සාලිය වික්‍රමසූරිය ප්‍රකාශ කරයි.

අනාගතයේදී වරාය නගර පරිශ්‍රයේ සිදු කෙරෙන විනෝදාස්වාද ක්‍රියාකාරකම් වෙනුවෙන් ක්‍රිප්ටොකරන්සි හෙවත් ඩිජිටල් මුදල් ඇතුළත් කිරීමට කටයුතු කර ඇතැයි සභාපතිවරයා පෙන්වා දෙයි.

මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළ රජය සතු ඩොලර් සංචිත පහත වැටීමත් සමග බිට්කොයින් (Bitcoin) වැනි ක්‍රිප්ටෝ මුදල් ඒකක භාවිතය ව්‍යාපාරික හා නාගරික ප්‍රජාව අතර යම් තරමකට ඉහළ ගොස් ඇත. වරාය නගරය තුළ අනාගතයේදී එක්සත් ජනපද ඩොලර් ඇතුළුව බහුවිධ විදේශ මුදල් ඒකක භාවිතය සඳහා අවසර ලබා දීමට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ දක්වා ක්‍රිප්ටො මුදල් ඒකක රට තුළ භාවිත කිරීම වෙනුවෙන් අවසර ලබා දී නැත. මහ බැංකුව මෑතකදී නැවත වතාවක් අවධාරණය කරන ලද්දේ ත්‍රස්තවාදයට මුදල් සැපයීම හා මුදල් විශුද්ධිකරණය වැනි ක්‍රියා සඳහා අධික ලෙස භාවිත කෙරෙන බැවින් ක්‍රිප්ටො මුදලේ ඒකක භාවිතය අවදානම් සහගත බවත්, ඒවා ශ්‍රී ලංකාව තුළ භාවිතය තහනම් බවත්ය. කෙසේ වෙතත් ක්‍රිප්ටො මුදල් ඒකක ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා සුදුසු නිර්දේශ යෝජනා කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය සහිතව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ විසින් විශේෂ කමිටුවක් පත් කර ඇත.

Related posts

මෛත්‍රීට ඕස්ට්‍රේලියා පත්තරෙන් එල්ලවූ දූෂණ චෝදනා වැරදියි… මහින්දට එල්ලවූ චෝදනා හරි… ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තිය මෙන්න

colombotoday

ගෝඨාභයට මඩ ගහන්න ගිය මරික්කර්ට මාධ්‍යවේදියෙකුගෙන් පාඩමක්

colombotoday

කලහකාරි සිද්ධීන්ට අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ගයාන්ට ඇප

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

Admin

ජාතික ලැයිස්තුවෙන් 50%ක නියෝජනයක් කාන්තාවන් ට ලබාදිය යුතුයි

colombotoday

ආනයනික සහල් ඇතුළු ආහාර වර්ගවල බැර ලෝහ ඇත්දැයි සොයා පරීක්ෂාවක්

colombotoday