Colombo Today Local News

පිස්තෝලයක් සහ ජීවිත වැනසිය හැකි භයානක අවියක් සමග හිටපු SI අත්අඩංගුවට

කුඩා ප්‍රමාණයේ පිස්තෝලයක් සන්තකයේ තබාගෙන සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 61 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ මාර්ග බාධකයකදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදීය.

එම කුඩා ගිනි අවිය, ඊට යෙදිය හැකි ජීව උණ්ඩ 2ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 3ක්, උල් පිහියක්, ව්‍යාජ ලෙස සකස්කරන ලද ජාතික හැඳුනුම්පතක් සහ යතුරුපැදියක් ද එහිදී සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම රිවෝල්වරය අඟල් 5ක් පමණ ප්‍රමාණයකින් සමන්විත වන අතර එය අත්ල තුළ සඟවාගෙන යාමට හැකිවීම විශේෂත්වයකි.

ගිනි අවියේ නිෂ්පාදිත රට පිළිබඳව තොරතුරු මේ දක්වා අනාවරණය වී නොමැත.

පසුව සිදුකරන ලද ප්‍රශ්නකිරීම්වළදී අනාවරණය වී ඇත්තේ සැකකරු පොලිස් දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවයට එක්ව අසනීප හේතු මත පොලීසියෙන් ඉවත් වූ අයෙකු බවය.

ඒ අනුව ඔහු 1987 වසරේදී පොලිස් සේවයට එක්ව ඇති අතර වර්ෂ 1990දී සේවයෙන් ඉවත්ව ගොස් ඇත.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්නකිරීම්වළදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම ගිනි අවිය මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මිලදී ගත් බවත් තම ආරක්ෂාවට එය ළඟ තබාගෙන සිටි බවත්ය.

සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මහරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

සිංගප්පූරු ගිවිසුමෙන් ලංකාව න්‍යෂ්ඨික අපද්‍රව ගබාඩවක් වෙයි.. උග්‍ර විෂ රසායනික මූලද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට අවසර

colombotoday

2020 ජනපතිවරණයේ ශ්‍රීලනිප ජනපති අපේක්ෂකයා මෛත්‍රී !

colombotoday

ඒකාබද්ධය ශ්‍රීපාදයට එරෙහි වෙයි !!

colombotoday

අනුරාධපුර පාසල් දෙකක් දින නියමයකින් තොරව වසා දමයි.

colombotoday

අවුරුද්දට ගමේ යන්න විශේෂ බස්රථ සේවා මේ පාර නෑ..

colombotoday

මොරටුවෙන් ජීව අත්බෝම්බයක් හමුවෙයි

colombotoday