Colombo Today Local News

විසා අවලංගු කල ස්කොට්ලන්ත තරුණියගෙන් අධිකරණයට පෙත්සමක්..

තමා ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, ස්කොට්ලන්ත ජාතික කාන්තාවක වන කේලි ෆ්‍රීසන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේ ය.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, ආගමන හා විගමන පාලකවරයා සහ නීතිපතිවරයායි.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මගින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

තමා ගාලු මුවදොර පැවැති ගෝඨාගෝගම අරගලයට ක්‍රියාකාරිව සහභාගි වූ බව පෙත්සම්කාරිය කියා සිටි.

පසුව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සිය වීසා බලපත්‍රය අත්තනෝමතික ලෙස අවලංගු කිරීමට කටයුතු කළ බව ඇය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

කිසිදු සාධාරණ පදනමක් නොමැතිව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ගනු ලැබූ තීරණය නීති විරෝධී යැයි තීන්දු කොට, එය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

Related posts

ගුවන් හමුදාවට ඇමැරිකාවෙන් බීච්ක්‍රාෆ්ට් යානා දෙකක්

colombotoday

හෙරොයින් ග්‍රෑම් 94ක් සමග තවත් බන්ධනාගාර නියාමකවරයෙක් බොරැල්ලේදී කොටු

colombotoday

ශ්‍රී ලංකාවේ ඉල්ලීම නිසා මානව හිමිකම් කොමසාරිස් ට්‍රම්ප් ළග අසරණ වෙයි !

colombotoday

රේගු ආඥා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

ගාල්ල වරායේ කොටසක් විදේශීය සමාගමට ලබාදෙන ගෝල් මරීනා ව්‍යාපෘතියට මනූෂ විරුද්ධ වෙයි

colombotoday

විශේෂ පොලිස් මෙහෙයුමකින් 3880ක් අත්අඩංගුවේ

colombotoday