Colombo Today Local News

ගාලු මුවදොර කාලතුවක්කුවක අනුරුවක් ඉදිකිරීමට තරු පහේ හෝටලයක පාලන අධිකාරිය අතර ගිවිසුමක්

කොළඹ ගාලු මුවදොර අසල කාලතුවක්කුවක අනුරුවක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

එම කටයුත්ත සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සහ ඒ අසල තරු පහේ හෝටලයක පාලන අධිකාරිය අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කර තිබුණි.

හෝටල් වැඩ බිමකින් මීට පෙර විශාල ප්‍රමාණයේ කාලතුවක්කුවක් සොයා ගැනිණ. ඉංග්‍රීසි පාලන සමයට අයත් එම කාලතුවක්කුව සංරක්ෂණය සඳහා ත්‍රිකුණාමලය පුරාවිද්‍යා කෞතුකාගාරයට පසුව රැගෙන යනු ලැබීය.

මේ ස්ථානයේ ඉදි කෙරෙන්නේ එම කාලතුවක්කුවේ අනුරුව බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

රාජ්‍ය ඇමති වසන්ත, ගෝඨාගේ වේදිකාවට ගොඩවෙයි !

colombotoday

රතුපස්වලට අවුරුදු තුනයි.. මානව හිමිකම් කොමිසමෙන් යළිත් විමර්ශන

colombotoday

අටළුගම ෆාතුමාට තර්ජනය කල එජාප මංත්‍රී ඉමිතියාස් යලි රිමාන්ඩ්

colombotoday

පොල් හිඟය තව මාස තුනක්

Admin

පංචවිධ ක්‍රියාවලියෙන් කාර් එකක් ගමු කී නංගී දැන් කියන පිස්සු හැදෙන කතාව – VIDEO

colombotoday

පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් විශේෂ අරමුදලක් පිහිටුවීමට සැලසුම්

colombotoday