Colombo Today Local News

යුරෝපා සංගම් තානාපතිවරු පිරිසක් ජනපති හමුවෙයි

යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන යුරෝපා සංගමය පවසන්නේ, මේ අභියෝගාත්මක කාලසීමාව තුළ තම සංගමය ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස පෙනී සිටින බවයි.

සිවිල් හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මෙන්ම සියල්ලන්ටම වඩා ප්‍රකාශනයේ නිදහස හා විරෝධතාවට ඇති අයිතිය අතිශයින් වැදගත් බව යුරෝපා සංගමය එමගින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව නැවතත් සුපුරුදු ගමන් මගට ගෙන ඒමට ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බවට තමන් එකඟ වන බව ඔවුන් කියා සිටි.

යුරෝපා සංගමය සඳහන් කළේ, විදේශ කටයුතු සම්බන්ධයෙන් දැනට පවතින ක්‍රියාවලින් තුනක් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස යුරෝපා සංගමය ජනාධිපතිවරයා දිරිගැන්වූ බවයි.

ඒ අනුව GSP+, IMF හා මානව හිමිකම් කවුන්සිලය යන එම ක්‍රියාවලි සාර්ථක කර ගැනීම සඳහා රජය විසින් ස්ථිර පියවරක් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව යුරෝපා සංගමය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් ය.

Related posts

ජනබලය 5 වැනිදා කොළඹට

colombotoday

පරිසර පනතට නව වගන්ති 42ක් | මාධ්‍ය තුළින් පළ වන කරුණු අසත්‍ය නොවෙයි. ප්‍රා.දේශපාලකයින්, ජාවාරම්කරුවන් මෙන් ම නිලධාරින් ද පරිසර හානි පසුපස සිටින බව නොරහසක් – මහින්ද අමරවීර

colombotoday

“රට එක තැන නැවතිලා“ – අගමැති

colombotoday

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව අද

colombotoday

දඬුගම දී හෙරොයින් ග්‍රෑම් 30 ක් සමග අයෙක් කොටු

colombotoday

“සිංහල ත්‍රස්තවාදීන් නැගිටලා… සියළු මුස්ලිම් අය ත්‍රස්තවාදීන් නෙවෙයි” – රෝසි කියයි

colombotoday